ලංකාවේ තෙල් ගවේෂණයට ඉන්දියාව එන්න සූදානම්. දැනටමත් සාකච්ඡා ආරම්භ කළා – ගම්මන්පිල

Date:

ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු සඳහා පැමිණීමට ඉන්දියාව දැනටමත් ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධ සාකච්ඡා ද ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“මන්නාරම් ද්‍රෝණිය සම්බන්ධයෙන් පමණක් විද්‍යාත්මක තක්සේරුවක් සිදුකර තිබෙනවා. ඒ විද්‍යාත්මක තක්සේරුව අනුව බොරතෙල් බැරල් බිලියන දෙකක් සහ ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන නවයක් ගෑස් සහ තෙල් තිබෙන බවට දළ ඇස්තමේන්තුවක් කරලා තිබෙනවා. ප්‍රධාන යටිතල පහසුකම් සියල්ල අපි සූදානම් කරගෙන තිබෙන්නෙ. දැනටමත් ඉන්දියාව රාජ්‍යයක් විදියට මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණයට පැමිණීමට. ඊට අමතරව පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ අධ්‍යනයන් කිරීම සඳහා අපේ වැඩසටහන 2022 මාර්තු 07 වෙනිදා ඇමරිකාවේ පැවැත්වෙනවා වාර්ෂිකව පැවැත්වෙන ලෝකයේ දැවැන්තම බලශක්ති ක්ෂේත්‍රයේ සමුළුව වන සෙරාවික් සමුළුවේදී මම ලෝකය ඉදිරියේ පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට මේ සමග සම්බන්ධ වීමට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...