*
Wednesday, November 6, 2024
spot_img

Latest Posts

නිශ්ශංකගේ විශිෂ්ඨ ඉණිම සමඟ තිගැස්සෙන සුළු සටනකින් ශ්‍රී ලංකාවට ජය

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 10 කොළඹ (LNW): ඇෆ්ගනිස්තානු සංචාරයේ පළමු එක්දින තරගය පල්ලෙක්ලේදී නිමාවට පත් වුණේ ලකුණු 42 ක් ජයක් ශ්‍රී ලංකාවට හිමි වෙමින්ය.කඩුලු 3 ට ලකුණු 381 ක් වූ ශ්‍රී ලංකාවේ අති දැවන්ත ලකුණු පූවරුව යම්කිසි ආකාරයකට තිගැස්මකට ලක් කළ මොහොමඩ් නාබි (136) සහ අස්මතුල්ලා ඔමාර්ෂායි (නොදැවී ලකුණු 149) හයවන කඩුල්ල වෙනුවෙන් පැවත්වූ ලකුණු 292 ක වාර්තාගත සබඳතාවයක් පැවත්වීය.


ලකුණු පිරුණු තණතිල්ලක් ලෙස මෙම දෙපිළේ ලකුණු පූවරුවලින් නිගමණයකට ඒමට හැකි වුව ද,එවැනි තත්ත්වයක වුව පන්දු යවන්නන්ට කඩුලු අතර එන්නට මෙන්ම පිතිකරුවන්ට අසාර්ථක වන්නට ද ඉඩ ඇති බව මෙම තරගයේදී දැකගත හැකි විය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අකි විශ්ෂ්ඨ ඉණිමක් දියත් කළ පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකාවේ පළමු එක්දින ද්විත්ව ශතකලාභියා මෙන්ම හොඳහ ඉණිම ද සිය නමට ලියා ගනිමින් නොදැවී ලකුණු 210 ක් රැස් කරද්දී පළමු කඩුල්ලට පැතුම් සමඟ ලකුණු 182 ක සබඳතාවයකට දායක වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 88 දී ලැබූ ලකුණු ප්‍රමාණය 88 ක් විය.යළි තෙවන කඩුල්ලට පැතුම් සමඟ ලකුණු 120 ක සබඳතාවයක් පැවත් වූ සදීර සමරවික්‍රම පන්දු 36 න් ලකුණු 45 ක් ලබා ගත්තේය.


පැතුම් මේ දස්කම කරද්දී එයට සජීවීව සුබ පතන්නට මීට පෙර වැඩිම ලකුණුලාභියා වූ (189) සනත් ජයසූරිය එහි සිටීම මෙන්ම,සනත් ජයසූරිය එදා ලකුණු 200 ලබා ගනීවි යැයි විශ්වාස කරමින් ඔහු සමඟ කඩුල්ලේ සිට සහය දැක් වූ රසල් ආනල්ඩ් විස්තර විචාරක කුටියේ සිටීම ද අපූරු සිඳුවීමක් විය.
එහෙත් මෙම තණතීරුවේද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙණ්ඩිස් අසාර්ථක වෙමින් පන්දු 31 දී ලකුණු 16 ට දැවී ගියේය.කුසල් සිය දක්ෂතා මත නිරන්තරයෙන්ම අනවශ්‍යය පීඩනයක් ගොඩ නඟා ගනමින් මේ තත්ත්වයට මුහුණ දෙන්නේය.එය නායකත්වය නිසා ඇති වන පීඩනයක් නොවේය.පෞද්ගලිකව තමන් මාධ්‍ය ඉදිරියට පැමිණි අවස්ථාවන්වලදී ඔහු විසින් දෙනු ලබන පිළිතුරු හරහා ප්‍රතිචාර වශයෙන් ලබාගන්නා පලයක්ය.ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු අතරට නොපැමිණීම නිසා සාමාන්‍ය මට්ටමේදී කෝපවන ප්‍රේක්ෂකයින්ද,පෞද්ගලිකව ක්‍රීඩකයින් අතර ගැටුමට ඉදිරියෙන් පවතින කළමණාකරුවන් විසින් සිය ක්‍රීඩකයින් වෙනුවෙන් පවත්වාගෙන යන මාධ්‍ය ප්‍රචාරණයන්හී ප්‍රතිපලයක් ලෙස ද,තවත් ආකාරයකට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති විරසකය පිරිමහා ගැනීමට කුසල් නොව වෙනත් කුමන හෝ මාර්ගයක් යොදා බලය සම්බන්ධයෙන් ඇති ගිජුකම වෙනුවෙන් ක්‍රිකට් කඩා වැටෙන තුරු බලා සිටින්නන්ද කුසල් විසින් මාධ්‍ය ඉදිරියේ පවසන දේ භූමරංගයක ස්වරූපයෙන් යළි ඔහු වෙතම හරවා එවීමෙන් මේ පීඩනය ගොඬ නඟයි.
බොහෝ තැන්හී නූතණත්වය අනුව සමාජය ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතු බව කියන පිරිස් පවා මේ ක්‍රමයේම අත් අඩංගුවට පත්ව කුසල් සිගරට් එකේ සිට මේ පැරණි රසාංගවලම එල්ලී ප්‍රහාරයන් දියත් කිරීම ද සිඳු කරමින් සිටියි.එහි ඉලක්කය කුසල් ක්‍රීඩා නොකළ යුතු බව හෝ ඔහු ඉවත් කර තැබිය යුතු බව වන්නේම පෞද්ගලිකව ඇති කරගෙන තියෙන අරුචිය පදනම් කරගෙනය.එහෙත් මේ අරුචිය වෙනස් කරන්නට කුසල්ගේ හැසරිම මාධ්‍ය ආමන්ත්‍රණය නිවැරදි නොවන අතර ඔහු නිරන්තරයෙන්ම පීඩනයට ලක්වන බව පැහැදිළිව දකින්නට ලැබෙන දෙයක්ය.ඒ පිඩනය හදන ලක්ෂ ගණණකට නිවැරදිවීමේ පාඩම් උගන්නන්නට යාමට වඩා කුසල්ට මාධ්‍ය හමුවේ හැසිරෙන ආකාරය ඉගැන්වීම මෙන්ම පීඩනයකට ඔරොත්තු දෙන ආකාරයෙන් මානසිකත්වය සකසා ගැනීමට උපදේශනයක් යටතට පත් කිරීම වැදගත්ය.එහෙත් මේ වන විට කුසල් මෙණ්ඩිස් පාලනය වන්නේ මෙන්ම ඔහුගේ පවුල් පසුබිම පවතින්නේ ද ක්‍රිකට් පටන්ගත්තාට වඩා පියවර ගණනාවක පිම්මක් පැන වෙනත් තලයක නිසා ඒ කාරණා සඳහා නිහතමානීවීම මදිකමක් බවට සිතන තත්ත්වය ළඟා කර තිබෙන අතර, ඇති කර තිබෙන සමාජ වෙනස රැක ගැනීමට ඔහු නිරන්තරයෙන්ම වාගේ සියල්ලන්ට වඩා තමන් ඉහළින් බව පෙන්වීම අවශ්‍යය බව පෙන්වන මානසිකත්වයකින් පෙනී සිටින බවත් දැකිය හැකිය.


හදිසියේ ධනවතුන් වන ලොතරැයි ජයග්‍රාහක ගැමි පවුලක් කොළඹ ජිවත් වන්නට දරන උත්සාහයක් වටා මැණික්සන්ද්‍රා සාගර අධ්‍යක්ෂණය කළ කොළඹ සන්නිය චිත්‍රපටය හා සමාන තත්ත්වයක් මේ සිදුවීම්වල දකින්නට ලැබෙන අතර මෙහි නිෂ්පාදකයා වන්නේ මොරටුව ප්‍රදේශයෙන් බිහි වූ ක්‍රිකට් පරිපාලකයෙක් සහ දේශපාලනඥයෙක් වූ ටිරෝන් ප්‍රනාන්දු ය.


කුසල් මෙන්ම මෙම ලකුණු ඇති පිටියේ පිතිකරුවන් ලෙස ඇෆ්ගනිස්තාන පිිතිකරුවන් ද,ලකුණු 281 ක ඉලක්කය ඉදිිරියේ අන්ද මන්ද වූ ස්වභාවයක් පෙන්වමින් මුල සිටම වේගවත් ප්‍රහාරයන් සඳහා යන්නට උත්සාහ කරමින් නිරපරාදේ සිය කඩුලු වීසි කර දැමුවේය.නමුත් වේගය ද ඉවසීමේ පාලනයට යටත්ව පැවතිය යුතු බව සිය අත්දැකීම් හරහා විඳහා පෙන් වූ ඇෆ්ගන් හිටපු නායක මොහොමඩ් නාබි ඒ වන විට වේගයෙන් පහර දෙමින් සිටි අස්මතුල්ලා ඔමාර්ෂායි ද සමඟ ගොඩ නැඟුව ඉණිම ක්‍රිකට්මය වශයෙන් ගත් විට පැතුම් නිශ්ශංකගේ අපූරු ඉණිමට සමාන වටිනාකමක් දෙන්නට නිර්ලෝභී විය යුතු එකක්ය.ලකුණු 381 ක ඉලක්කයක් හඹායන මොහොතක කඩුලු 5 ක් ලකුණු 55 ට බිඳ වැටී තිබියදී ඔවුන් දෙදෙනා ඇති කරන ලකුණු 292 සබඳතාවය ක්‍රිකට්මය අතින් ගත් කළ අතිශයින් ඇගයිය යුතු අමිල වටිනාකමකින් යුතුමය.
ලකුණු පූවරුව මෙම සටහනට පසුව අමුණා ඇති නිසා වැදගත් මේ තරගයේ සුවිශේෂීතාවයන් හඳුනා ගැනීමය.පැතුම් නිශ්ශංක ලකුණු 200 ක් රැස් කිරීම ගැන බොහෝ දෙනෙක් මේ වන විට කතා බහට ලක් කරමින් සිටියි.සුනිල් සළුවඩනනම් වූ කළුතර ක්‍රකිට් ක්‍රීඩකයින් ජාතික තලයට සම්බන්ධ කිරීමේ පුරුකක් බඳු පුහුණුකරු ද,ඉනික්බිති පැතුම් ඔප දමන ප්‍රදීප් නිශාන්ත ගේ ද සිට වර්ථමානය දක්වා ඔහු පැමිණි ගමණක් තිබෙනවා.ඒ සියල්ල ඔහු සවිමත් බිත්තියක් මෙන ගඩොළින් ගඩොළ රැක ගැනීමත් එක්තරා ආකාරයක සාර්ථකත්වයේ ලක්ෂණයක්.


මුල් අයින් කර නැති ගසක් හැටියට පැතුම් නිශ්ශංක හැමවෙලේම පොළවට ඇලී සිටින බව පෞද්ගලිකව දන්න එක හේතුවක් වන්නේ කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයෙක් මෙන්ම කළුතර විද්‍යාලයේ බොහෝ අයට ආදරණීයම ආදි ශීෂ්‍යයෙක් විදිහට වගේම ක්‍රිකට් උපදේශකයෙක් හැටියට මඟ පෙන්වන රන්ජන් පරණවිතාන සම්බන්ධ නිර්වචනයි.


“මං ඇත්තටම මහා ලොකු දෙයක් පැතුම්ට කරලා නැහැ, ක්‍රීඩකයන්ට කරලා තියෙන දේවල් බැලුවම.හැබැයි අදටත් පැතුම් ටුවර් එකක් යන මොහොතෙ අඩු ගණනෙ ෆ්ලයිට් එකට නැඟලා හරි කියලා යන්න අමතක කරන්නෙ නැහැ.”


ඒ සබඳතා ශක්තිමත්ව නඩත්තු කරන්න පෙළඹෙන පැතුම්ගේ නිහතමානීත්වය ඔහුගේ සිහින් සිරුර කෙතරම් ශක්තිමත්ව නඩත්තු කරන්නේ ද යන්නත් විමසා බැලීම වටිනවා.එහි හොඳම උදාහරණය ඊයෙ පැතුම් ප්‍රදර්ශණය කළා.පන්දු ඕවර් 50 පිටියේ රැදී සිටි පැතුම් ඉනික්බිතිව ක්‍රිඩා පිටියේ පන්දු රකින්නෙක් වශයෙන් ද යුහුසුළුව කටයුතු කළ අයුරු අපූරුයි.එසේම ඔහු වටිනා උඩ පන්දු දෙකක්ම සුරක්ෂිතව රැක ගන්නටත් සමත් වෙනවා.


එසේම ඔහුව ක්‍රිකට් කණ්ඩායම තුළ හොදින් කළමණාකරණය නොවෙනවානම් මෙතරම් දිගු ඉණිමකට මුහුණ දීමට අවශ්‍යය සහ ඉනික්බිතිව නොසැලී ශක්තිමක්ව පන්දු රැකීමට නොහැකියි යන්නද පිළිගත යුතු වෙනවා.එහෙත් වැදගත්ම දේ පැතුම් ලකුණු 200 ලබා ගත් සැණින් ඔහු වෙනුවෙන් වැටුණු සුබපැතුම් අතරට පැන යමෙක් ඒ 200 ලබා ගත්තේ ඇෆ්ගන් වැනි කණ්ඩායමකට එරෙහිව බව පවසමින් එහි ගුණාත්මක තත්ත්වය පහත හෙළීමේ උත්සාහයකද නියැළුණා.ඒ සමහර තර්ක අතර ඉතිහාසයේ හිටපු ජ්‍යෙෂ්ඨයෝ ක්‍රීඩා කිරීමට මේ ක්‍රීඩා කිරිම් සම කරන්නට නොහැකි බවට ද තර්ක දැණුනා.


දවසින් දවස ක්‍රීඩාව ලෝකය මෙන්ම දියුණු වෙනවා.ඒ දියුණුව නිසාම දවසින් දවස සාර්ථකවීමට ඇති අභියෝග ද පුළුල් වෙනවා.මේ ඇත්ත ඇතුළෙ හිටපු පරණ ශ්‍රේෂෟඨ ක්‍රීඩකයො නිහතමානීව වර්ථමානය තමන්ට වඩා අභියෝග සහ සංකීරණතා මත ජය ගන්නා බව පිළිගනිමින් අගය කරනවා.උදාහරණයකට සුනිල් ගවස්කාර් නම් ශ්‍රේෂ්ඨයා තමන් දකෂයෙක් පමණක් නොවී ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේද යන්න පැහැදිළි කරමින් වරෙක සිය ඇඳ සිටින ඇඳුම පා මහේන්ද්‍ර සිං දෝනිගෙන් අත්සන ලබා ගන්නවා.නමුත් අපේ ඇතැම් පැරන්නන් බොහෝ විට සිඳු කරනු ලබන ප්‍රකාශ පැහැදිළි කරන්නේ ඔවුන් තරම් වර්ථමාන කණ්ඩායම දක්ෂ නොමැති බවය.


රටක් හැටියට අප නඩත්තු කරන ආකල්පවල ස්වභාවය වන්නේ, සත්‍ය බවට විහ්වාස කරන දේ සහ සැබෑ සත්‍යය අතර පරතරය තාර්කිකව පියවා ගැනීමේ දුප්පත්කමය.මේ ජයග්‍රහණය ගැන උදම්වීම තරමටම ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ විශාලත්වය පෙන්වීම ද සුළුවෙන් නොගන්නේනම් අපට ඉතිරි තරග දෙකද ජය ගැනීමට අපහසු නැත.දැන් තරගය අවසන්ය.ඉදිරි තරගයේදී අලුත් දවසකය.ඊට අලුතින් සූදානම්වීම වැදගත්ය.
පහත ඇත්තේ තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන මඟය.
https://www.espncricinfo.com/series/sri-lanka-vs-afghanistan-2023-24-1416068/sri-lanka-vs-afghanistan-1st-odi-1416074/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan