සජබ e කොළම!

Date:

අශෝක ජයතුංග

පෙබරවාරි, 10 වොෂින්ටන් LNW : 🎀 ජනපති සභාවාරය විවෘත කිරීම වි : නායක සජිත් ප්‍රමුඛ සජබ වර්ජන කරයි.

🎀 නමුත් සජබ සභාපති පොfන්සේකා රාජිත පාඨලී වෙල්ගම ආදී සජබ අයත් ඩලස් හා ජවිපෙ හරිනිත් ජනපතිගේ දේශනය වර්ජනය නොකරයි.

🎀 සජබ තීන්දු සමග නොසිටින අයට විපක්ෂයේ වෙලාව පාර්ලිමේන්තු කතා සදහා වෙන් නොකරන තීන්දුවක්.

🎀 විනාශවූ රට ගොඩ නැගෙන එක කඩාකප්පල් කරන්න නරකයි.මම හැමදාම රැකපු ප්‍රතිපත්ති මෙතනත් රැක්කා.චන්ද්‍රිකා එක්ක සුළුජාතික අයිතිය ට පෙනී හිටපු එවුන්ම මහින්ද එක්ක උග්‍ර ජාතිවාදයට ගියා. මම එහෙම කෙනෙක් නෙවෙයි – වෛද්‍ය රාජිත.

🎀 අපේ රජයකින් ජනපති හා අගමැති මන්දිර ඉංග්‍රිසි උගන්නන විශ්ව විද්‍යාල බවට පත්කරනවා –  සජිත්.

🎀 ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට ආර්ථික ත්‍රස්තවාදීන්ට නතුවෙලා. අපේ රජයකින් රට එතනිනුත් බේරලා පීඩනයට පත්වූවන්ට වන්දිත් ගෙවනවා.. රත්ගම දේවපතිරාජයට සුහුරු පංතියක් දෙමින් සජිත් කියයි.

🎀 සජිත් ජලනි ගේ මෙහෙයවීමෙන් සක්වල  සුහුරු පංති කාමර අනුරපුර නොච්චියාගම විද්‍යාර්ථ මහ විදුහලට, රාජාංගනය මහසෙන් හා රාහුල විදුහල් වලට.

🎀 කියල සැමරුවේ ලොක්කන්ගෙ නිදහසයි. ජනතාවට එන්න නොදී ආරක්ෂක බාධක දැම්මෙ ඒකයි – සජිත්.

🎀 මේ බංකොලොත් රටේත් හොරකම් කරන්නෙ ජනතා දේශපාලනයට වඩා මන්දිර දේශපාලනයයි – සජිත්.

🎀 කතානායක ඔන්ලයින් පනතට වැරදි ක්‍රමයට අත්සන් කල බව කියමින් විපක්ෂයෙන් ඔහුට එරෙහි විශ්වාසභංගයක්.

🎀 ජවිපෙ අනුර ටයිකෝට් අන්දවලා ඉන්දියාවට යැව්වේ කවුද. දිල්ලියෙ ලංකා මහකොමසාඑිස් ඔහු පිළිගන්න තැනට වැටුණෙ  ඇයි. ආණ්ඩුවේ ප්‍රබලයන් හා ජවිපෙ සබඳතාව මොකද්ද.අනුරගෙ ඉන්දියානු ගමන සජබ බය කරන්න කරපු දෙයක්. අපි බය වෙන්නෙ නෑ –  සජබ නිරෝෂන් පාදුක්ක කියයි.

🎀 හිටපු නාවික හමුදාපති හා මාණ්ඩලික ප්‍රධානී දයා සඳගිරි සජබට එක්වෙයි.

🎀266 වතාවක් ප්‍රසම්පාදන කටයුතු වලින් බැහැරුව බෙහෙත් ගෙන්න ක්‍රියා කිරීම තුළම සෞඛ්‍ය ගරානාව තේරෙනවා. සත ගණනට ගේන්න පුළුවන් බෙහෙත රු දහස් ගණන් ගෙවල ගෙනැත් තියෙනවා – තිස්ස අත්තනායක.

🎀 අපි කරණම්කාරයො නෙවෙයි. අපි හදන්නෙ සජබ ආණ්ඩුවක්. ඉඩම් ඔප්පු බෙදන එක පටන් ගත්තෙ මම ඉඩම් ඇමති කාලෙයි – ගයන්ත කියයි.

🎀 රට හා ජනතාව පෙළන ආර්ථික අර්බුදයෙන් මුදවන්න ජවිපෙ එළිපිට කියන එකම විසදුම ගණිකා වෘත්තිය නීතිගත කිරීම හා හෙලුවැල්ලෙන් පෙරහැරවල් සංවිධානය කරලා අයන් එකේ රොටි පුච්චං කන සංචාරකයො ගෙන්නන එකද – අජිත් පී. පෙරේරා.

🎀 දූෂිතයන්ට එරෙහිව රන්ජන් ගැයූ ගීය ලොවපුරා ලාංකිකයන් අතර වෛරල් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...