2023 වෙළඳ ගිණුම

Date:

පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම් 2010 වසරෙන් පසුව, දැකිය හැකි වූ කුඩාම වෙළඳ ශේෂ හිඟය වාර්තා කරමිනුයි.

ආනයන සීමා කිරීම් මධ්‍යයේ සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 4,900කට සීමා වී තිබෙනවා. වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ලෙස මීට වඩා වැඩි, එනම් ඩොලර් මිලියන 5,970ක, මුදලක් ලැබී තිබීම විශේෂත්වයක්. මීට අමතරව සේවා ගිණුමේද සැලකිය යුතු අතිරික්තයක් වාර්තා වී තිබිය යුතුයි. පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළ ගියා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...