විදෙස් සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වෙනසක්!

Date:

කොළඹ LNW:පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ විදේශීය සංචාරකයන් 60, 122 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණයෙන් 55 % ක් බවයි දැක්වෙන්නේ.

6,000 ත් 6,500 ත් අතර පැවති දෛනික සංචාරක පැමිණීම් මේ වන විට 7,500 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පෙබරවාරියේ මේ දක්වා පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් බහුතරය රුසියානු ජාතික සංචාරකයන් බවද සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.

දෙවන තැනට සිටින්නේ ඉන්දියානු සංචාරකයන් වන අතර තෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි.

ඒ අනුව මෙම වසරේ සංචාරක පැමිණීම වාර්තාගත අගයක් දක්වා ඉහළ යනු ඇති බවටයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අපේක්ෂා කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...