*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ටෙලිකොම් වැනි ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන විකිණීම නිසා ජාතික ආරක්ෂාවට වන බලපෑමට රජය වගකියනවාද? – සජිත්

ආදායම් ඉපැයීම පමණක් නොව ඒ සදහා වෙළෙදපොළ ඒකාධිකාරය ඇතිවීම වැළැක්වීම, සමාජ සුබසාධනය සහ එම ව්‍යාපාර ජාතික ආරක්ෂාව සමග බැදීම වැනි අරමුණු ඇතුළත් වන බවත් ඒ අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය හා නව කළමනාකරණ සංකල්ප මත පදනම්ව දැනට ලාබ ලබන ආයතනවල මෙහෙයුම් වියදම් අඩුකිරිමට සහ පරිපාලන ගැටලු විසදීමට රජයේ අවදානය යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් ලාබ ලබන ආයතනවලින් වැඩි ලාභයක් ලබා ගත හැකි ක්‍රමවේදයකට යා යුතු වුවත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරණය සදහා පිහිටුවා ඇති ඒකකය මඟින් ටෙලිකොම් සහ රක්ෂණ සමාගම ඇතුළු ඒවායේ පාලිත සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම් එම වාර්තාව සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ටෙලිකොම් ආයතනයේ කොටස්වල ආයෝජනය සදහා ලන්සු ඉදිරිපත් කරන ලද ආයතන සහ ඒවායේ සුදුසුකම් මෙන්ම ටෙලිකොම් ආයතනයේ වත්කම් සම්බන්ධ තක්සේරුවක් කර ඇත් නම් එය සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය. මෙම වාර්තාව රටට ඉදිරිපත් නොකර සගවා නොසිටින ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකසභාව 2023.6.9 දින වාර්තාව මඟින් ටෙලිකොම් ආයතනය තවදුරටත් පෞද්ගලීකරණය කිරිම ජාතික ආරක්ෂාවට හානි විය හැකි බවට ප්‍රකාශ කරමින් එය නිර්දේශ නොකර ඇති මොහොතක ප්‍රතිව්‍යුහගත කිරිම නිසා ටෙලිකොම් පද්ධති හිමිකාරිත්වය රජයෙන් බාහිර සමාගමකට සතුවීම නිසා ජාතික ආරක්ෂාවට වන බලපෑම් සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණයට කළට පසුව ලැබූ ලාභයට වඩා වැඩි ලාබයක් රජය සතු කාලයේ ලැබුණු බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ලාභ අලාභ වාර්තාවෙන් පෙනී යන බවත් ඒ සදහා බලපා ඇති හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරනය කළේය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිලියන 8ක වටිනාකමක් ඇති විසුම්පාය බිලියන 4කට විකිණීමේ සූදානමක් ඇති බවත් ඒ සදහා වෙනම තැරැව්කරුවන් කොටසක් අඩුමුදලකට විකිණිමට සූදානම් බවත් මෙහි දී පහළ වටිනාකමකට විකුණන්නේ ඇයි ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan