ට්‍රම්ප්ගේ අරමුදල් කප්පාදු කිරීම හමුවේ සෞඛ්‍ය සේවය පිරිහේ ද?

Date:

සටහන – පුලී
පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික සෞඛ්‍ය ආයතනවල අරමුදල් දැඩි ලෙස කප්පාදු කිරීම මඟින් ජෛව වෛද්‍ය පර්යේෂණ මෙන්ම නවෝත්පාදනයන් අඩාල වනු ඇති බවත් ඒ සමඟම ට්‍රම්ප් ට ඡන්දය දුන් රිපබ්ලිකන් ප්‍රාන්තවල ද පවතින රැකියා දස දහස් ගණනක් ඉවත් කිරීමට මෙය ඉවහල් වන බවත් විද්‍යාඥයෝ විසින් අනතුරු ඇඟවීම් කර තිබේ.

පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය විශ්ව විද්‍යාල, රෝහල් සහ ආයතනවල පොදු කාර්ය පිරිවැය සඳහා ෆෙඩරල් අරමුදල් තියුනු ලෙස අඩු කරන බව සති අන්තයේ NIH විසින් නිවේදනය කර තිබිණි.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය අංශයන්හි “වක්‍ර වියදම්” ලෙස හැඳින්වෙන ස්ථාන සඳහා කුලිය, අන්තර්ජාල ප්‍රවේශය, වැටුප් ගෙවීම, උපකරණ සහ නොමිලේ පර්යේෂණ සහායකයින් ලබා දීම වැනි දෑ ඇතුළත් වේ.

ඇරිසෝනා, මිචිගන්, නිව් යෝර්ක්, හවායි සහ මැසචුසෙට්ස් ඇතුළු ප්‍රාන්ත 22 සඳහා පමණක් මෙම තාවකාලික අත්හිටුවීම ට අදාළ වන අතර රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුන් සිටින ප්‍රාන්ත කිසිවක් මීට සම්බන්ධ වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...