ජනතා විමුක්ති පෙරමුණ යන සෙසු දේශපාලන පක්ෂවලට සාපේක්ෂව හොඳ විනයක් ඇති පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
එසේම එම පක්ෂය යනු සාපේක්ෂව බැලීමේදී හොරුන් අඩු පක්ෂයක් බවත් රාමනායක මහතා සඳහන් කළේය.
රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ නඩු කටයුත්තක් සඳහා ඊයේ (10) අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
~ රුවන් නෙළුගොල්ල