අනුර, විජිත, ටිල්වින් අපිට වඩා හොඳට ජීවත් වෙනවා. කැට හොල්ලපු සල්ලි වලින් ද මේ අය ජීවත් වෙන්නේ? – ලන්සා

Date:

මේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා නොව මහ බැංකුව වන අතර, මුදල් අමාත්‍යාංශවල සිටින ආර්ථික විශේෂඥයන්ගේ මාර්ග සිතියම අනුව ජනාධිපතිවරයා වැඩ කරන බවත්, බොරු ප්‍රකාශ සිදුනොකර ජනාධිපතිවරයා සත්‍යය කතා කළ බවත්, මේ වන විට විපක්ෂයේ පිරිස් “ගෑනු ළිඳ ළඟ කතා කරන” මෙන් කියව කියවමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

“ජනාධිපතිවරයා මේ වගකීම භාර ගත්තේ රටේ ප්‍රධාන විපක්ෂය භාර ගන්න බැහැ කියපු අවස්ථාවක. සියලු දෙනා පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මහතා එය භාර ගෙන රට ස්ථාවර කරන්න කටයුතු කරමින් ඉන්නවා. රටේ වත්මන් තත්ත්වය මිසක් ජනාධිපතිවරයා ජනප්‍රිය තීන්දු තීරණ ගත්තේ නැහැ. මේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා නෙවෙයි මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශවල ඉන්න ආර්ථික විශේෂඥයෝ. ඒ අය දෙන මාර්ග සිතියම අනුව තමයි ජනාධිපතිවරයා වැඩ කරන්නේ. එහෙම නැතුව ජනාධිපතිවරයාට බොරු කියලා, සීනි බෝල දීල ඉන්න පුළුවන්. එහෙම නොකර ඇත්ත කතා කළා.

අද විපක්ෂයේ අය ගෑනු ළිඳ ළඟ කතා කරනව වගේ කියව කියව ඉන්නවා. මෙතෙක් දවස් මිනිස්සු හිතන් හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි වැඩි පඩි ගන්නේ කියලා. එහෙත් බඳු වැඩි කරපු ගමන් ආයතන රැසක සේවකයෝ එළියට ආවා. ජනතාව දැන්වත් අවබෝධ කරගන්න ඕන කාටද පඩි වැඩි කියලා. එදා බදු අඩු කරද්දි බැන්න විපක්ෂය බදු වැඩි කරද්දිත් බනිනවා. ඒකයි මම කිව්වේ විපක්ෂය කියන්නේ සාම්ප්‍රදායික ගමනක් යන අය කියලා. අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ටිල්වින් සිල්වා රැකියාවක් නොකළත් අපිට වඩා හොඳට, සරුවට ජීවත් වෙනවා. කැට හොල්ලපු සල්ලිවලින්ද මේ අය ජීවත් වෙන්නේ. ඒ සල්ලි එන හැටි රටට හෙළි කරන්න කියලා අපි ජනතා විමුක්ති පෙරමුණට කියනවා.“

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...