අනුර, විජිත, ටිල්වින් අපිට වඩා හොඳට ජීවත් වෙනවා. කැට හොල්ලපු සල්ලි වලින් ද මේ අය ජීවත් වෙන්නේ? – ලන්සා

මේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා නොව මහ බැංකුව වන අතර, මුදල් අමාත්‍යාංශවල සිටින ආර්ථික විශේෂඥයන්ගේ මාර්ග සිතියම අනුව ජනාධිපතිවරයා වැඩ කරන බවත්, බොරු ප්‍රකාශ සිදුනොකර ජනාධිපතිවරයා සත්‍යය කතා කළ බවත්, මේ වන විට විපක්ෂයේ පිරිස් “ගෑනු ළිඳ ළඟ කතා කරන” මෙන් කියව කියවමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

“ජනාධිපතිවරයා මේ වගකීම භාර ගත්තේ රටේ ප්‍රධාන විපක්ෂය භාර ගන්න බැහැ කියපු අවස්ථාවක. සියලු දෙනා පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මහතා එය භාර ගෙන රට ස්ථාවර කරන්න කටයුතු කරමින් ඉන්නවා. රටේ වත්මන් තත්ත්වය මිසක් ජනාධිපතිවරයා ජනප්‍රිය තීන්දු තීරණ ගත්තේ නැහැ. මේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා නෙවෙයි මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශවල ඉන්න ආර්ථික විශේෂඥයෝ. ඒ අය දෙන මාර්ග සිතියම අනුව තමයි ජනාධිපතිවරයා වැඩ කරන්නේ. එහෙම නැතුව ජනාධිපතිවරයාට බොරු කියලා, සීනි බෝල දීල ඉන්න පුළුවන්. එහෙම නොකර ඇත්ත කතා කළා.

අද විපක්ෂයේ අය ගෑනු ළිඳ ළඟ කතා කරනව වගේ කියව කියව ඉන්නවා. මෙතෙක් දවස් මිනිස්සු හිතන් හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි වැඩි පඩි ගන්නේ කියලා. එහෙත් බඳු වැඩි කරපු ගමන් ආයතන රැසක සේවකයෝ එළියට ආවා. ජනතාව දැන්වත් අවබෝධ කරගන්න ඕන කාටද පඩි වැඩි කියලා. එදා බදු අඩු කරද්දි බැන්න විපක්ෂය බදු වැඩි කරද්දිත් බනිනවා. ඒකයි මම කිව්වේ විපක්ෂය කියන්නේ සාම්ප්‍රදායික ගමනක් යන අය කියලා. අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ටිල්වින් සිල්වා රැකියාවක් නොකළත් අපිට වඩා හොඳට, සරුවට ජීවත් වෙනවා. කැට හොල්ලපු සල්ලිවලින්ද මේ අය ජීවත් වෙන්නේ. ඒ සල්ලි එන හැටි රටට හෙළි කරන්න කියලා අපි ජනතා විමුක්ති පෙරමුණට කියනවා.“

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...