ඩොලර් අර්බුදයට ධම්මිකගෙන් තවත් ස්වර්ණමය විසඳුමක් – ස්වර්ණමය පාරාදීසය වැඩසටහන

Date:

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා තවත් ප්‍රායෝගික විසඳුමක් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කර තිබේ.

විදේශිකයින්ට සුන්දර ශ්‍රී ලංකාවේ නේවාසික බලපත්‍ර ලබාදීමට අදාළව මෙම යෝජනාව සකස් කර ඇති අතර එය නම් කර ඇත්තේ ස්වර්ණමය පාරාදීසය වැඩසටහන ( Golden Paradise Programme ) යනුවෙනි.

මෙම වැඩසටහන ඔස්සේ නේවාසිකභාවය ලබාගැනීමට අපේක්ෂා කරන විදේශිකයකු මුලින්ම මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් එහි තැන්පත් කළ යුතු වේ. එයින් වසරකට පසු අදාළ පුද්ගලයාට එම මුදලින් ඇමරිකානු ඩොලර් 50,000ක් දක්වා මුදලක් ආපසු ගතහැකි අතර දෙවැනි වසරේ සිට ඉදිරියට ඔහු හෝ ඇය මෙරට රැඳී සිටින සම්පූර්ණ කාලය තුළ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් එම ගිණුමෙහි පවත්වාගෙන යා යුතු බවයි ධම්මික පෙරේරා මහතා සිය වැඩසටහනෙන් යෝජනා කර ඇත්තේ.

මෙසේ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” හරහා විදේශිකයින් 50,000ක් මෙරටට ගෙන්වාගත හැකි නම් එක් අයෙකු ඇමරිකානු ඩොලර් 100,000 බැගින් කරන තැන්පතු හරහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වේ. නේවාසිකභාවය සඳහා විදේශිකයින් 50,000ක් මෙරටට ගෙන්වා ගැනීම යනු අසීරු ඉලක්කයක් ද නොවේ.

එමෙන්ම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,000 ට වැඩි, වයස අවුරුදු 60 ඉක්මවූ විදේශිකයින් සඳහා වසර 10ක වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද ඒ මහතා සිය වැඩසටහන මගින් යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවෙහි දිගු කාලීනව නේවාසිකව සිටින විදේශිකයින් රැසක් දැනටත් දැකගත හැකි අතර ඒ ආකාරයෙන් මෙරට දේශගුණය ආදී විවිධ හේතූන් මත මෙරටට ආකර්ෂණය වන විදේශිකයින්ට නේවාසික බලපත් ලබාගැනීම සඳහා පහසුකම් සලසන අතරේම ශ්‍රී ලංකාවෙහි විදේශ විනිමය අර්බුදයට ද විසඳුම් ලබාදෙන වඩාත් ඵලදායී ප්‍රවේශයක් වශයෙන් මෙම වැඩසටහන දැකගත හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...