සෞදියේ ඩ්‍රෝන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 12 කට තුවාල

සෞදි අරාබියේ යේමන දේශසීමා ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සෞදි-යේමන දේශසීමා ආසන්නයේ අබා ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

හවුති කැරලිකරුවන් විසින් එල්ල කළ මෙම ප්‍රහාරය ව්‍යවර්ථ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් වී ඇති අතර එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් මෙම පුද්ගලයන් තුවාල ලබා තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින අතර මීට අමතරව සෞදි ජාතිකයන් මෙන්ම, බංග්ලාදේශ, නේපාල, ඉන්දීය හා පිලිපීන ජාතිකයන්ද තුවාලකරුවන් අතර සිටී.

මෙම ප්‍රහාරය හෙළා දකිමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...