*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුද – සෞඛ්‍ය සේවක වර්ජනයේ දෙපැත්ත සහ ඉදිරිය

හෙද, පරිපූරක වෛද්‍ය සේවය හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18ක් එකතු වීමෙන් සිය වැටුප් විෂමතා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (11) දවස වන විටත් අඛණ්ඩව පැවැත්වේ.

වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයෙත් දිවයින පුරා රෝහල්වල කටයුතු අඩාල විය. ඉන් පීඩාවට පත් වූයේ සාමාන්‍ය ජනතාවයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම හේතුවෙන් සිය වැටුප්තලය ද සමාන වූ බව කියමින් ‍ප්‍රධාන වශයෙන් හෙද පරිපූරක වෛද්‍ය සේවය හා අතුරු වෛද්‍ය සේවා මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ශ්‍රී ලංකාවේ අනිකුත් රජයේ රැකියා වලට සාපේක්ෂව සෞඛ්‍ය අංශයේ රැකියාවන් වැටුප් අතින් සැබැවින්ම ප්‍රශස්ත මට්ටමේ පවතී. අතිකාල සේවා දීමනාවන් ද සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහළ සේවකයෙකු පවා රු.75000 කට අධික මාසික වැටුපක් ලබයි. මූලික වැටුප අඩු වූවත් අතිකාල සේවයේ නිරත වී ඉහළ මුදලක් මාසය අවසානයේ අතට ලබා ගැනීමේ හැකියාව ඔවුන් සතු වේ. රජයේ වෙනත් සේවාවන්හි නිරත වන ලක්ෂ සංඛ්‍යාවකට අතිකාල දීමනාවක් ගැන සිතන්නටවත් ලැබෙන්නේ නැත.

කිසිවකු කවුරුන්වවත් බලහත්කාරයෙන් ඇදගෙන ගොස් රැකියාවලට දමන්නේ නැත. පැහැදිලිවම රැකියාවේ තත්වය දැනගෙන, එහි වැටුප් හා දීමනා පිළිබඳව දැනගෙන ඔවුන් ඒවාට යන අතර ඉන් පසුව රැකියාවේ වගකීම් දුෂ්කර බව පැවසීම විහිලුවට කරුණක් වනවා මෙන්ම ඒ වෙනුවෙන් නිකරුණේ කෑගැසීම තේරුමක් නැත. රැකියාව කිරීම මෙතරම් ම අසීරුනම් වඩාත් හොඳ වන්නේ රැකියාවෙන් ඉවත් වීමය. එසේ වන්නේ නම් ඒ පුරප්පාඩුව වෙනුවෙන් ඉදිරිපත් වීමට සැලකිය යුතු පිරිසක් සූදානමින් සිටිති.

එමෙන්ම වෙනත් ක්ෂේත්‍රයක රැකියා කරන පිරිසකගේ වැටුප් වැඩිවීම මත පදනම්ව සිය වෘත්තීය සේවාව ඉහළින් හුවා දක්වමින් වැටුප් තලය අනෙකාට වඩා ඉහල අගයක් ගත යුතුයැයි උපකල්පනය කිරීම ම මමත්වය හිස් මොළොස්සේ යාමකි.

ජනතාවගේ ජීවිතය හා මරණය සම්බන්ධයෙන් සෘජුවම ගනුදෙනුවක් කෙරෙන නිසාම සෞඛ්‍ය වෘත්තීය සමිති සෙසු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති වලට වඩා වැඩි බලයක් ආරෝපණය කරගෙන සිටී. මෙය කොතෙක් දුරදිග ගොස් ඇතිදයත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැනටමත් කල්පනා කරන්නේ සමස්ත රටම ඔවුන් යටතේ පාලනය වියයුතු ආකාරයෙනි. ආණ්ඩුවල ප්‍රතිපත්තිමය තීරණ පවා ඔවුන්ගේ අනුමැතියට යටත්ව පමණක් ක්‍රියාත්මක කළයුතු බවක් ඔවුහු සිතාගෙන සිටිති. මේ වනවිට හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිතිත් GMOA අඩිපාරේම යන්නට උත්සාහ දරන බවක් පෙනේ.

සේවකයන් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැත. හැකියාවක් ඇත් නම් සියලුම දෙනාට මීට වඩා හොඳ වැටුපක් ලැබෙනවාට අපත් කැමති ය. නමුත් කොරෝනා අවධියේ මෙන්ම අවස්ථා ගණනාවකදී විවිධ දීමනා වැඩිකර තිබියදී මෙන්ම රජයෙන් සියලුම රාජ්‍ය සේවකයන්‌ට රු.5000 ක දීමනාවක්ද ලබා දෙමින් තිබියදී මෙලෙස සිය වෘත්තීය ගෞරවය, ආචාරධර්ම පවා නොතකා හරිමින්, හදිසි සේවාවන් පවා අකර්මණ්‍ය කිරීමට තැත් කරමින් සෞඛ්‍ය සේවකයන් රෝගීන්ගේ ජීවිත ලංසුවට ගැනීම ලැජ්ජා සහගතය.

මොවුන් ඉල්ලා සිටින ආකාරයෙන් වැටුප් වැඩි කරනවා නම් එය කරන්නේ සෞඛ්‍ය ඇමති හෝ ජනාධීපති ගෙදරින් ගෙනෙන මුදලින් නොවන අතර එයින් තට්ටුවන්නේ ද සාමාන්‍ය මිනිසුන්ගේ බත් පතටය. සල්ලි නම් අච්චුගසා හෝ දිය හැකි නමුත් ඉන් අහස උසට නගින්නේ උද්ධමනයයි. මෙය බලපාන්නේ නිදහස් අධයාපනයත් රාජ්‍ය සේවයෙහි වෘත්තීය ප්‍රතිලාභ හා වරප්‍රසාදත් ලබාදීම වෙනුවෙන් ශ්‍රමය වගුරමින් බදු ගෙවන සාමාන්‍ය ජනතාවටයි.

රජයේ රෝහල් කරා එන්නේම එක්කෝ බරපතල තත්වයේ සිටින රෝගීන් හෝ කිසිවක් කර කියාගත නොහැකි අඩු ආදායම්ලාභී දුප්පත් පිරිසක්ය. මුදල් ගෙවා පරීක්ෂණ, සේවාවන් ලබාගත නොහැකි, ජීවිත අවධානමක් ඇති රෝගීන් කාගේ නමුත් වෘත්තීය අයිතියක් වෙනුවෙන් මැරෙන්නට හැරීම කොහෙත්ම අනුමත කළ නොහැක අතර එය හෘද සාක්ෂීයක් ඇත්තෙකුට කළ හැකි දෙයක් ද නොවේ. සුපුරුදු පරිදි සංඛ්‍යා දත්ත කිසිදාක හෙළිදරවු නොවුනත් මේ වර්ජනවල අතුරු ඵල වශයෙන් මියයන මිනිසුන්ගේ ජීවිත වලට වග කියන්නේ කවුද ?

මෙම වැඩ වර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිතියකට එරෙහිව දැනටමත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර ඇත. තවත් කොටසක් වර්ජනයට සම්බන්ධ නොවී රාජකාරී කරමින් සිටිති. කෙසේවෙතත් මෙම වැටුප් වැඩිවීම සිදු වන්නේ නම් අනිකුත් රාජ්‍ය සේවයේ අඩු වැටුපට සේවය කරන නිලධාරීන්ද වැටුප් වර්ධක ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ඇත. එවිට එය සමස්ත රාජ්‍ය සේවයම අකර්මණ්‍ය කෙරෙන තැනක් දක්වා දුරදිග යෑමටත් බැරි නැත.

වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධය ඔස්සේ නව උපාධිධාරී පත්වීම් පිළිබඳ හුවා දක්වමින් සිය සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අවශ්‍යතාවය පුන පුනා ප්‍රකාශ කරනු අපට දක්නට ලැබිණි. මෙලෙස උපාධීයක් මත පදනම්ව සිය වෘත්තීය ගෞරවය වඩවා ගන්නට උත්සහ කිරීම තරම් නූගත්කමක් තවත් නැත. වෘත්තිකයෙකු ලෙස අනෙක් වෘත්තීන්ට ගරු කිරීමට අදාළ මූලික පාඩම් අප ඉගෙන ගන්නේ පුංචි පංතිවලදී ය.

පසුගිය දිනක දුම්රිය වර්ජනයට එරෙහිව කෝපාවිෂ්ඨ වු සාමාන්‍ය ජනයාගෙන් දුම්රිය සේවකයන් බේරාගනු ලැබුවේ පොලීසියේ මැදිහත් වීමෙනි. නිරන්තරව කුමන හෝ හේතුවක් මවාපාමින් වර්ජනයේ යෙදෙන සෞඛ්‍ය අංශ වෙනුවෙන් ද මිනිසුන්ගේ ඉවසීම පුපුරා යාම වැඩි ඈතක නොවන බව අප මතක තබා ගත යුතුය.

එසේම රාජ්‍යය යනු කිසිදු විටෙක කිසිදු අංශයක පාලනය තමන් අතින් ගිළිහීම ඉවසන පන්නයේ යාන්ත්‍රණයක් නොවේ. වෘත්තීය සමිතිවලට රාජ්‍යය සමග කේවල් කළහැකි වන්නේ ජනතාව තමන් සමග එක පෙළට සිටගන්නා තුරු පමණි. ඒ ජනතාව වෙනතක් බලන මොහොතේ රාජ්‍යය සිය සුපුරුදු මර්දනය මුදාහරිනු ඇති අතර එයින් සිදුවන්නේ මින් ඉදිරියට සිය අතිශයින් සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන්වත් කිසිවෙකුට කේවල් කිරීමේ අවස්ථා නොමැති වී යාමය. එය හුදෙක් එක් ක්ෂේත්‍රයක හෝ දෙකක වෘත්තීය සමිති කිහිපයකට පමණක් නොව සමස්ත රටටම බලපාන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණයකි. එහෙයින් සෞඛ්‍ය වෘත්තීය සමිතිත් අරගල කරද්දී තමන්ගේ සීමාවන් මතක තබාගෙන එය කළ යුතුව ඇත.

SM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan