පැහැදිලි ජනවරමක් නොමැතිව පකිස්ථානයේ මැතිවරණය නිමා වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථාන මහා මැතිවරණය පවත්වා දින එකක් ගතවන විට ජනමතය ප්‍රධාන නායකයන් තිදෙනා වන ඉම්රාන් ඛාන්, නවාස් ෂරිෆ් මෙන්ම භූතෝ සර්දාරි අතර බෙදී ගොස් ඇති අතර පැහැදිලිව ආණ්ඩුවක් පිහිටුවීමට කිසිවෙකුට ජනවරමක් නොමැත.

එනමුත්, ප්‍රධාන දේශපාලන නායකයින් දෙදෙනෙකු වන පකිස්ථාන මුස්ලිම් ලීගයේ (පීඑම්එල්එන්) නවාස් ෂරීෆ් සහ පකිස්තාන ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හි ඉම්රාන් ඛාන් ජයග්‍රහණය ප්‍රකාශ කර තිබේ.

පකිස්තානයේ මැතිවරණ කොමිසමේ (ECP) නවතම ගණනය කිරීම්වලට අනුව, සෙනසුරාදා පස්වරුව වන විට ජාතික සභා මැතිවරණ කොට්ඨාශ 266න් 253 ක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, සිරගතව සිටින නායක ඛාන්ගේ PTI හා සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයින් ආසන 102 කින් ඉදිරියෙන් සිටින අතර අපේක්ෂිත ඉදිරි අපේක්ෂකයා ලෙස මැතිවරණයට අවතීර්ණ වූ පකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PMLN), ආසන 71ක් ලබා දෙවන ස්ථානයේ පසුවන අතර තුන්වන ස්ථානයේ සිටින්නේ 2018 මැතිවරනයේදී ලබාගත් ආසන වලට වඩා ආසන 11ක් වැඩි ආසන 54ක් ලබා ගැනීමට සමත් වූ පකිස්ථාන මහජන පක්ෂය (PPP) ය.

මෙය පාකිස්තාන ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක මැතිවරණය විය හැකි බවට විශ්ලේෂකයන් කරුණු දක්වමින් සිටින අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මිලියන 241 ක ජනතාවක් සිටින රටක ආර්ථිකයක් සහ අභ්‍යන්තර ආරක්ෂාව සහතික කර ගනිමින් රජයක් පිහිටුවිය හැක්කේ කාටද යන්න ගටලුකාරී වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...