*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කරන්න තරුණ ප්‍රජාව බලගැන්වීම සඳහා ඇමරිකාවේ සහාය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා තරුණ ප්‍රජාව බලගැන්වීමේ කටයුතු වලට එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර ලබාදීමේ වැඩපිළිවෙල දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා තරුණ ප්‍රජාව විසින් දියත් කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘති වල යෝජනා භාර ගන්නා බව එක්සත් ජනපදයේ  රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (Department of State) ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කාර්යංශය (Bureau of Democracy, Human Rights, and Labor – DRL) නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා තරුණ බලමුලු ගැන්වීම, ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සඳහා දායකත්වය ලබා දීම  DRL හි අරමුණයි.

රටේ සියලු පුරවැසියන්ට ප්‍රතිචාර දක්වන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට තරුණ ප්‍රජාවට සහාය වීම සඳහා මෙම අරමුදල් අවස්ථා පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාවේ මූලික නිදහස සඳහා මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට තරුණ නායකත්වය සහිත සංවිධාන වලට හැකියාව තිබිය යුතු බවත්, තරුණ නායකත්වයෙන් යුත් සංවිධාන වල නායකත්ව කුසලතා සහ වගකීම, විනිවිදභාවය සහ ඇතුළත්භාවයකින් යුතු පාලන ක්‍රියාවලීන් ආමන්ත්‍රණය කිරීමේ සහභාගීත්වය වැඩි කරගත යුතු බවත් යන පදනම මත මෙම අරමුදල් අවස්ථා නිර්මාණය කර ඇත.

මීට අදාළ ව්‍යෘපෘති දියත් කිරීමේදී පහත දැක්වෙන කලාපයන් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ආවරණය කළ යුතු වේ.

01 – දේශපාලන කණ්ඩායම් සහ ආන්තික ප්‍රජාවන් හරහා තරුණ නායකත්වයෙන් යුත් ජාල සහ පුළුල් සිවිල් සමාජ සභාග ශක්තිමත් කිරීම

02 – තරුණ ප්‍රජාව සඳහා සඳහා පුහුණු වැඩමුළු අවස්ථා ඇතුළු සිවිල් සමාජ ව්‍යුහයන් තුළ නායකත්ව භූමිකාවන් භාර ගැනීමට තරුණයින්ට ඇති හැකියාව වැඩි කිරීම

03 – සාමය ගොඩනැගීමේ ක්‍රියාකාරකම්, සාධනීය දේශපාලන කටයුතු සහ ප්‍රජා මූලික ගැටළු විසඳීම ඇතුළුව, ඔවුන්ගේ ප්‍රජාවන්හි තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි වඩාත් අර්ථවත් ලෙස නිරත වීමට තරුණයන්ට සහාය වීම

04 – රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ප්‍රසම්පාදනය සහ අයවැය පර්යේෂණ වැනි ක්‍රියා; සභාග ගොඩනැගීම; සාකච්ඡා; ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපදේශනය, සහ සාවද්‍ය තොරතුරු පැතිරීමට එරෙහිව විවේචනාත්මක විශ්ලේෂණ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය කුසලතාවය ආදියට අදාළව තරුණ ප්‍රජාව අතර කුසලතා ගොඩනැංවීම

05 – රටේ අනෙකුත් ප්‍රදේශවලට යාමට තරුණ ප්‍රජාව අතර අන්‍යොන්‍ය සහචර සම්බන්ධතාවය (peer-to-peer exchange) ගොඩනැඟීම

06 – තරුණ ප්‍රජාව සහ ආන්තික කණ්ඩායම් සඳහා ඔවුන්ගේ අසල්වැසි, තරුණ සංවිධාන, පාසල් සහ ප්‍රජා කණ්ඩායම් තුළ කුඩා ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා කුඩා ප්‍රදානයන් ලබා දීම

07 – අධිවාචන ක්‍රියාදාමයන් දියත් කිරීම සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා ඔවුන්ගේ හඬට ඉඩක් ලබා දීම අරමුණු කොට ගත් අන්තර්-පරපුරු සංවාද ඇති කිරීම

එහෙන්ම අදාළ ව්‍යාපෘති මෙම මානයන් ට පමණක් සීමාවිය යුතුය යන්න අනිවාර්ය නොවේ.

ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කණ්ඩායම් වයස අවුරුදු 18 – 30 අතර විය යුතුය. එමෙන්ම ඒ සඳහා ඉදිරිපත් කරන යෝජිත ව්‍යාපෘති කොළඹ කලාපයෙන් පිටත තරුණ ප්‍රජාවන් සහ ආන්තික ප්‍රජාවන් ඉලක්ක කර තිබීම අදාළ ප්‍රදායන් ලබා ගැනීම සඳහා අතිරේක වාසියක් වේ.

අයදුම්පත්, 2022 අප්‍රේල් 12, අඟහරුවාදා දින (EST) ප.ව. 11:59 ට පෙර ලැබීමට සැලැස්විය යුතු අතර, ඒ සඳහා https://www.grants.gov/ හෝ SAMS Domestic (https://mygrants.servicenowservices.com) යන වෙබ්අඩවි වලට පිවිසිය හැකිය. මෙම ප්‍රදාන “DRL Youth Empowered to Protect Human Rights and Fundamental Freedoms in Sri Lanka” යන ශීර්ෂපාඨය යටතේ ඇත.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan