*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අපිට නොදැනෙන අපේ මට්ටම්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 12 කොළඹ (LNW): ෂමාර් ජෝෂප් ගැන මේ දිනවල බොහෝ සේ කතා කරනවා.දැව කම්කරුවෙක් වෙන්න නියමිතව තිබුණ ඉරණම වෙනස් කරගෙන ලෝකයේම අවධාකය දිනා ගන්න මොහොතට ආසන්නම කාලයේත් ආරක්ෂක නිලධාරියෙක් විදිහට හිටපු ෂමාර් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඓතිහාසික ජයත් අත් කර දීම ගැන ලෝකයම කතා කරා.


මොහොමඩ් සිරාජ්ගෙ දුප්පත් තාත්තාගේ දුක පිරුණ ජීවිතය ගැන කතා කරනවා.මේ වැඩේ ඇත්තටම මාරයි.එතන ජීවිකය දිනන්න පාර කියන සාහිත්‍යමය සළකුණු සටහන් වෙනවා.මේ තත්ත්වය භාහිර ලෝකයේ අගය කරමින් කතා කරාට ශ්‍රී ලංකාව ඇතුළෙ ශ්‍රී ලංකාවෙ අය ගැන කතා කිරීම දුර මාතෘකාවක්.ඒක ක්‍රිකට්වලදි තවත් දුරයි වගේ දැනෙනවා.


ලංකාවෙ කුමාර දේශපාලනය වගේම කුමාර ක්‍රීඩාව තමයි ක්‍රිකට්.එදා වේල කන්නට නැති ඡන්ද දායකයා සිය නියෝජිතයා ලෙස තෝරා ගන්නට කැමති කුමාර පංතියේ නියෝජිතයෙක් වීම සාමාන්‍ය තත්ත්වයක්.හොඳට සල්ලි තියෙන සැපට ජිවත්වෙන කියන දේ සඳහා අද වන විට ඒ වත්කම් කෙසේ ලැබුණේ ද යන්නත් අදාළ නොවන අතර තමන්ගේ නියෝජිතයා තමන්ගේ විරුද්ධවාදියාට පහරදීම සඳහා ශක්තිමත් සහ අණක් ගුණක් නැති එකෙකු වීමත් සුදුසුකම්ක ලෙස ගන්නා බව තේරී පත් වි සිටින මහජන නියෝජිතයන්ගේ ස්වරූපයෙන් දකින්නට ලැබෙන දෙයක්.ඒ වෙනුවට තමන්ගේ මට්ටමේ සාමාන්‍ය මට්ටමේ නැතිනම් තමන්ගේ තරාතිරමේ කෙනෙක් තෝරා ගැනීමට බහුතරයක් උනන්දු නොවන්නේ ඇයි?


සරලව හිතන්න පුළුවන් දේ තමන්ගේ මට්ටමේ කෙනෙක්ට ඉහළ තැනක් නොදී ඔහු තමන්ගේ මට්ටමේම සිටිය යුතු බව සිතීම විය නොහැකිද?ක්‍රිකට් ක්‍රීඩාවේදී ද ලාංකේය ක්‍රිඩකයාට මේ තත්ත්වයම බලපානවා.ඔහු ඉතාම පහළ තැනෙක සිට ඉහළට එන විට ඔහුට සමාජය අතිශයින් දරුණු විදිහට සීමවන් පනවනවා.ඉතාම ශාන්ත ලීලාවෙන් සිටිය යුතු බව සිතනවා.සරල බස් වහරෙන් කියනවානම් ලොකු ටෝක් ඔහුට බැහැ.කතා කරන දෙයින් පවා ඔහු කුමාර මට්ටමෙන් හැසිරෙන අයෙක් ලෙස හැසිරෙන්න ගියොත් තමන්ගේ පංතියේ එකෙක්ට කුමාර පංතියේ එකෙක් වගේ හැසිරෙන්න බැරි බව කොහේද සිට පැමිණි සිතුවිල්ලක් අවිඥාණිකව පෙළඹවීමක් ඇති කරනවා.


ඒ නිසා මේ මෑතක රචින් රවීන්ද්‍රගේ ද්විත්ව ශතකයත්,යසස් ජශ්වාල්ගේ ද්විත්ව ශතකයත් ගැන කතා කරන විට ශ්‍රී ලංකාවේ සිය තුන්වන තරගයෙන් ද්විත්ව ශතකයක් ලැබූ සිල්ලර කඩ මුදලාලි කෙනෙක්ගේ පුතෙක් තවමත් කණ්ඩායමේ සිටින බව අමතක වෙනවා.රචින්ට 24 යි.මුදලාලිගේ පුතා නිශාන් මධුශ්තටත් 24 යි.ජශ්වාල්ට නම් 22 යි.හැබැයි ඔහු ද්විත්ව ශතකවය එන්නේ හයවන තරගයේදී.ඒ වගේම නිශාන් හැදෙන්නෙ වැඩෙන්නෙ මොරටුවේ සාමාන්‍ය ජනතාව ජීවත්වෙන පරිසරයකයි.


එහෙම කෙනෙක් කුමාර ලීලිවෙන් ජිවත්වෙන එක දරන්න නුහුරුයි. එහෙම කුමක් හෝ සමාජ හැසිරීමක් දකිනවා.ඉහළ පවුලක කෙනෙක්ට නැති සීමාවන් පනවගෙන පොඩි කැනකින් ආව දක්ෂයන් දිහා බලාගෙන ඒවා දිගටම පතුරු ගැසීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙනවා.
කුසල් මෙණ්ඩිස් අයත් වන්නෙත් ඒ අවර ගණයට.ප්‍රධාන වශයෙන් ත්‍රිවීල් රියැදුරෙක් ලෙස ජීවිතය ගෙන ගිය වෙන වෙන සුළු රැකියාවල් කරපු කුසල්ගේ තාත්තා දිනේෂ් කුසල්ලා සමඟ ජිවත් වූ හැටියට තාමත් කුසල් ඉන්න ඕනි.නායකයා වුණාට කතා කරන්න ඕනි අර තමන්ගේ පංතියෙන් මිනිස්සු අපේක්ෂා කරන නැමුණු දැමුණු මානසිකත්වයේ ඉදලමයි.


මෙතන මේ මොහොතෙ කුසල්ගෙ අදහස් දැක්වීමේ ඇති භාවිත ස්වරයේ ඇති නොහික්මුණුකම ගැන මේ හරහා සාධාරණය කරන්න උත්සාහ කරන්නෙ නැහැ.ඒකට ඔහුට ඉහළ සමාජයේ නෙමෙයි කියා සමාවක් නැහැ.ඔහු ඉහළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙද්දි ඉහළ ක්‍රිකට් සමාජයේ සාමාජිකයෙක් වෙන්නම අවශ්‍යය වෙනවා.ඒ වෘත්තීයභාවය පිතිකරුවෙක්ගේ පිත්තටත්,පන්දු යවන්නෙක්ගේ පන්දුවටත් සීමා නොවුණු හැදෑරීමක් අවශ්‍යය වෙනවා.කළමණාකරුවන්ද ගලා එන මුදල් කළමණාකරණය සහ ක්‍රිඩකයා විකිණෙන හැටි තීරණය කිරීමෙන් ඔබ්බට ඔවුන්ට ජීවත්වීම ගැන ද පාඩම් කියා දිය යුතුයි.මේ කුසල් සම්බන්ධයෙන් පමණක් සීමා වූ අදහසක් නොවේ.සමස්ත ක්‍රීඩකයන්ට අදාළ කතාවක කුසල් උදාහරණයකට ගැනීමක් පමණයි.
හැබැයි මේ මෑත කාලයේ අලුතින් ක්‍රිකට් නිසා කුමාර ජීවිතවලට ඇතුළත් ක්‍රීඩකයින් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන් පවා තමන් එක්වරම කඩා පාත් වුණ සමාජ තත්ත්වයට ඔරොත්තු දී ගත නොහැකිව යම් යම් ආකාරයේ සිඳුවීම්වලට ඈඳුණ කතා අසෙන්නට පටන්ගෙන තියෙන එකත් හොඳ දෙයක් නෙමෙයි.ඔවුන් මීට පෙර ජීවත් වූ ජිවත් වූ තැන්වලම ජිවත්විය යුතුයි හෝ ඒ විදිහටම සැප නොවිඳ සිටිය යුතුයි කියන කාරණය අප යෝජනා කරන්නේ නැහැ.නමුත් ඒ මොහොතේ තමන් ඇති හැකි පරපුර අතින් යම් පීඩාවතට ලක්විණිනම්,එය නැවත එදා තමන් සිටි තැන ඉන්න මනුස්සෙක්ට ඇති නොවන්න කාරුණිකවීම සහ සුහද වීම හොඳ මනුස්ස ගතියක් බව අප විශ්වාස කරනවා.


මල් විකුණපු අම්මගෙ පුතා,සිල්ලර කඩේ මුදලාලිගේ පුතා වීම මෙන්ම ත්‍රීවීල් රියැදුරාගේ පුතාලත් මේ පොළවට ආදර්ශයක් දී තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට යා හැකි ගමණ ගැන ඔවුන්ගේ හැකියාවෙන් කැපවීමෙන් පෙන්වා.කිසිවෙකුට මේ කිසිඳු ක්‍රීඩකයෙක් අදක්ෂයි කියා කියන්නට කාරණා නැහැ.ඒ නිසාම ඒ දක්ෂකම ඉබේ පහළ නොවුණු දැඩි කැපවීමෙන් මහන්සියෙන් උපයාගත් දෙයක් හැටියට අප අවබෝධ කර ගත යුතු වෙනවා.ඒ නිසා මේ ක්‍රිඩකයින් මේ පොළව මත කරනු ලබන හැම ක්‍රියාවක්ම සහ හැම ප්‍රකාශයක්ම පරමාදර්ශි විදිහට සමාජයට දැනෙනවා.ඒ ඔවුන් පැමිණ ඇති දුර ඔවුන් උපන් මොහොතට අදාළ භෞතික වටපිටාවට වඩා වෙනස් තැනක ඔවුන් තබා තිබෙන නිසා.ඒ වෙනස් තැන ඔවුන් කෙතරම් සොඳුරු විදිහට ස්පර්ශ කළ යුතුද, ඔවුන්ගේ පවුල් එයින් උද්දාමයට පත් විය යුත්තේ කෙසේද යන්නත් බොහොම කල්පනාවෙන් කල්පනාවට ගත යුතුයි.මොකද ඔවුන්ගේ පරමාර්ශය ඊ ළඟ පරමුපරාවට අදාළ වන්නේ ඔවුන්ගේ දරු මුණුපුරන්ටත් සමඟමයි.


ඒ වගෙම හැමදාම ත්‍රීවිල් රියැදුරාගේ පුතා විදිහටත්,පිංචි සිල්ලර කඩේ මුදලාලිගේ හෝ මල් විකුණපු අම්මගෙ පුතා විදිහටත් උන් ජීවත්වෙන්න ඕනි රාමුවක් හදාගෙන වැඩ කරන්නෙ නැතුව සමාජයට උන්ගෙ ජිවිත හරහා පෙන්නන්න ඕනි දෙයක් තියෙනවා.ඔවුන් දක්ෂයන් ලෙස රටක් නියෝජනයට සුදුසුවීම දක්වා ජිවිතය සකසා ගන්නට කාපු කට්ට.මේක තමයි මේ ක්‍රිඩකයන්ගෙ ජීවිත ඇතුළෙ සමාජයට ගන්න තියෙන හොඳම දේ.ක්‍රිඩකයින් ද ඒ පරමාදර්ශීත්වයේ වටිනාකම් ඒ විදිහටම තබාගන්න සූදානම් වෙන්නත් ඕනි.මේ දෙකම හරියට නැති නටපිටාවක දෙපැත්තම අනෙක් පැත්ත ගැන හිකන්නෙ නැතුව තමන්ගෙ පැත්ත නිවැරදි කරගන්න හිතන්න පුළුවන් මට්ටමට සාධාරණ වුණොත් සහ අවංක වුණොත් ලංකාවෙ ක්‍රිකට් ගැන පිට්ටනියේ ඉන්න ක්‍රීඩකයගේ ඉදලා විවිධ ආකාරයෙන් නරඹන ප්‍රේක්ෂකයා දක්වා තියෙන බැදීම සන්නද්ධ වෙයි.සමහර විට විරෝධයකදී වුණත් තාර්කික සහ බලපෑම් කර හැකි විශාල හඩක ඒකමතික බව විසිරුණු දෙයකට වඩා පිරුණු දැනෙන දෙයක් වේවි.


හැබැයි එක දෙයක් හැමෝම වැදගත් කොට සිතීම වැදගත්.ලෝකයේ ක්‍රිකට් ක්‍රිඩා කරන හැම කණ්ඩායමක්ම ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ එකම නිති පද්ධතියකට යටත්වයි.ඒ සමාන නීතිමය රාමු අතරේ විය හැකි දේ සමහර විට නොවිය හැකි දේ වෙන අවස්ථා ද විය හැකියි.නොසිතු දේ වෙන අවස්ථා ද විය හැකියි.ඒ නිසා ලෝකයට ක්‍රිකට් සමානයි.අසමානකම් තියෙන්නෙ ලෝකයේ තියෙන විවිධත්වය විසින් ඇති කරන තිබෙන හැකියාවන්වල ස්වභාවය අනුවයි.ඒ තුළ සිඳුවන දේවල් වෙනස් කිරීමට අපූර්ව කිරීමට ක්‍රීඩකයා දරණ උත්සාහයේ සහ ඒ වෙනස්කම් විඳින්නටත්,උපරිමයෙන් සතුටු වෙන්නට වගේම උපේක්ෂාවෙන් දරා ගන්නට ඇති හැකියාවත් රටක ක්‍රීකට්වලට අතිශයින් වැදගත් වනු ඇති.
ජාත්‍යන්තර නීතීන්ගෙන් පිට වැඩ කළ හැකි අපේ ක්‍රිකට් යැයි දෙයක් රටක ක්‍රිකට්වලට නැති බව අවබෝධ කරගෙන ක්‍රිකට් වෙනුවෙන් අසාධාරණයට එරෙහිවීම මෙන්ම සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් රටක ක්‍රිකට් වෙනුවෙන් අපි සකසා ගත යුතු වන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan