මැරතන් ලෝක ශූර කෙන්යාවේ Kelvin Kiptum රිය අනතුරකින් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිරිමි මැරතන් ලෝක ශූර කෙන්යාවේ 24 හැවිරිදි Kelvin Kiptum රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන විට කෙන්යානු ක්‍රීඩකයා සිය පුහුණුකරු සමග මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර පුහුණුකරු Gervais Hakizimana ද මිය ගොස් ඇති බව සඳහන් වේ.

Kaptagat සිට Eldoret දක්වා ධාවනය කරමින් සිටියදී මෝටර් රථය පෙරළීමෙන් මොවුන් දෙදෙනාම මිය ගිය බව වාර්තා වේ.

ලෝක මලල ක්‍රීඩා සභාපති Sebastian Coe පැවසුවේ Kelvin Kiptum යනු “ඇදහිය නොහැකි උරුමයක් ඉතිරි කර යන ඇදහිය නොහැකි මලල ක්‍රීඩකයෙක්, අපට ඔහුව ආදරයෙන් අහිමිවී ඇත” ලෙසිනි.

අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දෙමින් එරට පොලිසිය පවසා ඇත්තේ Kelvin Kiptum රියදුරු බවත්, වාහනය පාලනය නැති වී පෙරලීමෙන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...