සැනසීම සොයාගෙන ආවත් ලැබුණේ සදාකාලික දුකක්!

0
135

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ පල්ලියක දී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ටෙක්සාස්හි පල්ලියකයි වෙඩි තැබීම සිදු වුණේ.

කෝට් ඇඳුමකින් සැරසුණු කාන්තාවක් දිගු තුවක්කුවකින් වෙඩි තබා පලා යාමට උත්සහ දරා තිබුණු නමුත්, ආරක්ෂක නිලධාරීන් පෙරළා සිදු කල වෙඩි තැබීමෙන් එම කාන්තාව මිය ගොස් ඇති බව සඳහන් වේ.

කාන්තාව සිදු කළ ප්‍රහාරයෙන් වෙඩි වැදුනු දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඒ අතර සිටින තුවාල ලැබූ 5 හැවිරිදි පිරිමි ළමයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්.

පස්වරු 2 ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර ඒ වන විට 16,000කට අධික පිරිසක් පල්ලියේ රැඳී සිට තිබූ බවයි වාර්තා වන්නේ.