ඩොනල්ඩ් ට්‍රම්ප් සවුදි අරාබියේදී රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කරන ලද දීර්ඝ දුරකථන සංවාදයකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් එක් කරමින් ප්‍රකශ කර තිබුණේ, යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්චා කිරීමට දෙපාර්ශවය සවුදි අරාබියේදී හමුවීමට සුදානම් බවයි.

රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කිරීමෙන් අනතුරුව එක්සත් ජනපදයේ මහා මණ්ඩලය විසින් යුක්රේනයට එරෙහිව නීති විරෝධී ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් රුසියාව හෙලා දකින යෝජනාවක් සම්මත කළේය. ඉන් අනතුරුව රුසියාවට විශාල වශයෙන් සම්බාදක පැනවූ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රෙම්ලිනයේ නායකයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය.

හිටපු ජනාධිපති ජෝ බයිඩන් හා පුටින් අතර කිසිදු සංවාදයක් සිදු නොවූ අතර ඔහු මිනීමරු ඒකාධිපතියෙකු හා මැරයෙක් වශයෙන් පුටින් හඳුන්වන ලදී.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාවේ දිගින් දිගටම යුක්රේන යුද්ධය නිමා කරන බවට සඳහන් කළ අතර මේවන විට ඊශ්‍රායලය හා ඊජිප්තුවට හැර සියලුම යුධ ආධාර කපා දමා ඇති අතර ට්‍රම්ප් ප්‍රකශ කර තිබුණේ, යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා පුටින් සමඟ එකට එක්ව සමීපව වැඩ කිරීමට අවශ්‍ය වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...