*
Thursday, February 13, 2025
spot_img

Latest Posts

පන්දු 26 ට ලකුණු 1 ක් රැස් කළ ජයග්‍රාහී එක්දින ඉණිමක් සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 13,(LNW)කොළඹ :

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 214 ක් රැස් කළ ශ්‍රී ලංකාව තරගය ලකුණු 49 න් ජය ගන්නට සමත් විය.ලෝකයේ හැම අතින්ම ඉදිරියෙන් සිටින ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 214 ක් යනු හැරෙන්නවත් නොහැකි ලකුණු ප්‍රමාණයක්ය.එහෙත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් මුල් තැන ගනිමින් ඔස්ට්‍රේලියානු ඉණිමට ලබා දුන් ලකුණු 215 ක ඉලක්කය ඔස්ට්‍රේලියානු ඉණිම 165 ක් ව තිබියදී අවසන් කළේය.


එහෙත් මේ ජයග්‍රහණයේ වීරයා වන්නේ ඔස්ට්‍රේලියාව ලකුණු 165 ට නැවත් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නොවෙති.ශ්‍රී ලංකා ඉණිම ලකුණු 30 ට කඩුලු 3 ක් දැවි අවදානමේ වැටී සිටියදී පිටියට පැමිණ ලකුණු 214 දී දැවී ගිය,පන්දු 126 න් ලකුණු 127 ක් රැස් කළ නායක චරිත් අසලංකය.චරිිත් සහයක් නොලද හුදෙකලාව ශ්‍රී ලංකා ඉණිම කළඹණාකරනය කර ගැනීම ගැන ගැටළුවක සිටියදී,ලකුණු 55 දී පස්වන කඩුල්ල බිඳ වැටුණු තැන පිටියට පැමිණි දුනිත් වෙල්ලාලගේ යම් ප්‍රවේගකාරීත්වයක් සමඟ පිත්ත හසුරුවමින් චරිත් තුළ සිට සටන්කාමී ප්‍රහාරකයා අවදි කර එළියට ගත්තේය.ඔවුන් දෙදෙනා හයවන කඩුල්ලට ලකුණු 67 ක් එක් කළේය.


එහෙත් වනිඳු හසරංග සාර්ථක වූවේ නැති නිසා අටවන කඩුල්ල ලකුණු 133 දී ශ්‍රී ලංකාවට අහිමි විය.ලකුණු 150 න් මෙපිට ඉණිම නැවතෙනු ඇතැයි අනාවැකි කියූ බොහෝ දෙනෙක් විය.එහෙත් නොසෙල්වන මනසින් සහ කයින් අසලංක කඩුල්ලේ උන්නේය.ඔහුට ලකුණු ලබා ගැනීමට හැකි බවට තද විශ්වාසයක් තිබිණ.ඒ සඳහා ඔහුට අවශ්‍යය වූවේ තමන් හා සමානව කරට කර පහර එල්ල කරන්නෙක් නොවේය.ඔහුට පහර එල්ල කරන්නට අනෙත් අන්තයෙන් නොදැවී කඩුල්ල රැක ගෙන සිටින්නට පිත්තක් ගත් ක්‍රීඩකයෙක්ය.


එය පහසු කාර්යයක් නොවුණ ද,අංක 10 පිතිකරු ඒෂාන් මාලිංග තම පළපුරුදු ජ්‍යෙෂ්ඨ නායකයා ඉදිරියේ තමන් ඒ අභියෝගයට සූදානම් බව සපත කර කීවේය.එතැන් පටන් තත්ත්වය වෙනස් වන්නට වූයේ,150 ට සියල්ල දැවී යනු ඇතැයි,ක්‍රීඩා පිටියේ සිටි නරඹන්නන්,තරගය සිතින් අතහැර නැවත නිවෙස් කරා යන්නට,ගෙනා බඩු භාහිරාදිය අසුරමින් සිටියදී ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලම ලකුණු 150 දැවී යන තෙක් මඟ බලමින් සිටියදී ය.


තමන්ගේ ගමන් මලුවලට ඔබන්නට අල්ලාගෙන සිටි බඩු භාහිරාදිය එබීමට ඔබන අත් ආපසු හැරෙන්නට විය.නැගිට උන් අසුන්වල ඉන්දවිණ.එසේ ඉන්දවුණු අය ඉනික්බිතිව ඕවරයේ අඩුම තරමේ කිහිපවරක් නැඟී සිට අත්පොළසන් දුන්නේ පිටියේ සිටි චරිත්ට සහ ඒෂාන්ට තමන්ව ටක්කෙටම පේනවා ඇතැයි යන විශ්වාසයෙන් සේ ය.සුසුම්වලින්,ප්‍රීති ඝෝෂාවෙන් ඉතිරුණු පිටිය චරිතගේ හයේ පහරකට හතරේ පහරකටම තරම් හයියෙන් අත්පොළසන් දුන්නේය.ඒ තරම්ම හයියෙන් බිම දිගා වී මෙන් ඉදිරි පාදයට පැමිණ,පන්දුව කඩුල්ලට එන මං අහුරමින් කඩුල්ල නොදී පහර දෙන මාලිංගගේ තට්ටුවකටත් චරිත්ට තරම්ම මහා හයියෙන් මිනිස්සු අත් පොළසන් දුන්හ.ප්‍රීතීගෝෂා පැවත් වූහ.


චරිත් ශතකය ඉක්මවා ලකුණු 127 දක්වා යන තෙක්ම සිය නායකයාගේ ශතකයෙන් ද,තමන් සතු කණ්ඩායම් වගකීම උපරිමයට දායාද කරමින් ද,ඒෂාන් මාලිංග පන්දු 26 ට මුහුණ දී එක් ලකුණක් ලබා කඩුල්ලේ උන්නේය.ඒ ඔහු විසින් නිලකුණු පන්දු කර සෑම පන්දුවකම චරිත්ගේ හයේ සහ හතරේ පහරවල වටිනාකමට සමාන කරන ආදරණිය ගණිත සූත්‍රයක් නරඹන්නන්ගේ හෘදය පතුළෙ සුළු වී,ජයග්‍රහණය පිළ ඉහළ වටිනාකමක් නිර්මාණය කළේය. ජයග්‍රහණය පිළිතුරක් හැටියට පෙනෙන ගණනය කිරීමේ දී අපට චරිත්ගේ ශතකයට ඉතාම ආසන්න ගණනක් ඒෂාන්ගේ එක ලකුණේ ඉණිමට ද බර තබා දිය යුතුව ඇත.ඒ තැන්පත් වීම සහ චරිත් අසලංකගේ කඩුලු සබඳතාවය ශ්‍රී ලංකා ඉණිමේ ඉහළම ලකුණු සබඳතාවය පමණක් නොව තරගයේ හොඳම කඩුලු සබඳතාවය ලෙස ද ඇගයීමට පත් විය යුතුය.එසේම මාලිංග ට කඩුුල නොලැබුණද,ඔහු තරගය නිමාවේ සිටියේ ඕවරයකට හොඳම සාමාන්‍ය නඩත්තු කර පුද්ගලයා ලෙස පන්දු ඕවර් 4 ට ලකුණු 12 ක් පමණක් ලබා දෙමින්ය.


ඔස්ට්‍රේලියානු ඉණිමේ ශ්‍රී ලංකාව යම් ආකාරයකට සසල කළ කඩුලු සබඳතාවයක් දකින්නට ලැබුණේ ඇලෙක්ස් කැරීගේ සහ මාර්නස් ලබුස්චේන්ජ් ගේය.ඔවුන් පස්වන කඩුල්ලට ලකුණු 31 සිට ලකුණු 85 දක්වා වන ලකුණු 54 ක සබඳතාවයක් ගොඩ නෑගීය.වැඩිම ලකුණුලාභියා වූ ඇලෙක්ස් කැරී ලකුණු 41 ක් රැස් කළේය.ආරෝන් හාඩි ලකුණු 32 ක් එකතු කර තිබිණ.


ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වෙමින් මහේෂ් තීක්ෂණ ලකුණු 40 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණින.ශ්‍රී ලංකා කඳවුර ඇතුළත තරගයට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පිතිකරු හැටියට චරිත් අසලංකටත්,හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දුටත්,හොඳම පන්දු රකින්නා ලෙස ජනිත් ලියනගේටත් ඇගයිම් ලැබිණ.


ක්‍රිකට් ගැන කියද්දී ලංකාවේද වැඩි අවධානයක් නොතිබුණු, රත්නපුර සීවලි මධ්‍ය මහා විදුහලෙන් මතුව එද්දී ඔහුගේ දස්කම් රැක ගන්නට සහ ඔප දමන්නට ඇවසි ක්‍රිකට් සමාජයක් පිට්ටනි වටා ධනාත්මකව නිර්මාණය වෙමින් තිබිණ.ඒ නිසා රත්නපුරෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ පළමුවැන්නා ඒෂාන් මාලිංගය.අගනුවර මෙන්ම ක්‍රිකට් ආශ්‍රිත මහනුවර,ගාල්ල සහ කුරුණාගල අයත් ප්‍රදේශවල නොවන ක්‍රීඩකයින් සතර අතින් නිර්මාණය වෙමින් පවතින මෙම සංස්කෘතික වෙනසෙහි වැදගත්කම සහ අර්ථවත්කම ලියා ගන්නට හොඳම සාධකය මේ මොහොතේ ඒෂාන් මාලිංගය.


ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික වශයෙන් කරන ආයෝජනවල පල ජාත්‍යන්තර වශයෙන් රටට ජයග්‍රහණ ගෙනෙන ක්‍රීඩක පෞරුෂයන් නිර්මාණය කළ හැකි මාවත් බවට සැකසිය හැකි බවටත් මාලිංග සාධකයක් විය. ජාතික වශයෙන් පහළට ගලා එන සම්පත් තව තවත් පුළුල් විය යුතු බවට කරන සොඳුරු බලපෑමක් බවට හැඳින්විය හැකි මාලිංගගේ හැකියාව,තවත් ආකාරයකට දැනට ලබාදෙන සම්පත්, ප්‍රතිපල ලෙස පලදායකව නැවත ජාතික මට්ටමට සේවය නොකරන්නට හේතු කවරේදැයි රත්නපුර හරහාම වුව,පුළුල්ව සොයා බැලීමට කරන ආරාධනාවක් ද වන්නේය.


පහතින් ඇත්තේ ශ්‍රී ලංකාවේ විශිෂ්ට ජයග්‍රහණය හඳුනාගත හැකි ලකුණු පූවරුවය. https://es.pn/4hD54WS

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan