මහින්ද රාජපක්ෂගේ විජේරාම නිලනිවසේ වතුර කපයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිලනිවසේ ජල සැපයුම අද (පෙබරවාරි 13) විසන්ධි කර ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ තුනක පමණ ජල බිලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙසේ ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන්.

මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිවස රජයට භාරදී ඉවත් වන ලෙස රජයේ ප්‍රබලයින් අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර තිබුණු නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ ස්ථාවරය වී තිබුණේ මෙම නිලනිවස ඒ මහතාට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති එකක් බැවින් එයින් ඉවත් වීමට නම් ලිඛිත දැනුම් දීමක් සිදුකළ යුතු බවට ය. කෙසේවෙතත් රජයේ බලධාරීන් එසේ ලිඛිත දැනුම් දීමක් කිරීමට උනන්දු නොවන ආකාරයක් පෙන්නුම් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...