ජෝ බයිඩ්න්ගේ හිටපු උපදේශකයකු සහ විපක්ෂ නායක සජිත් අතර විශේෂ හමුවක්

Date:

ඇමරිකානු හිටපු සෙනට් සභික බොබ් කෙරී මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

හෙතෙම ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ හිටපු උපදේශකවරයකු ද විය. දෙරටට බලපාන පොදු කරුණු කිහිපයක් පිළිබඳ සුහද සාකච්ජාවක් සිදුවූ අතර දෙරට අතර පවත්නා ද්විපාර්ශික සබඳතාවන්හි වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය.

විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “හුස්ම” සහ “සක්වල” වැඩසටහන් පිළිබඳව විපක්ෂ නායක තුමා විසින් මෙහිදී බොබ් කෙරී මහතාව දැනුවත් කළ අතර අදාල සත්කාරමය වැඩසටහන් පිළිබඳව ඇමෙරිකානු දානපතීන්ගේ සහයෝගයෙහි වැදගත්කම ද විපක්ෂ නායකතුමා එහිදී අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...