වෙළෙඳ ඇමති හමුවූ අමෙරිකානු තානාපතිනිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.

මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රගතිය කරා යන වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ඨ වී ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති එම සාකච්ඡාවේ දී අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළේය.

අමෙරිකානු තානාපතිවරිය පෙන්වාදී ඇත්තේ, ඉහළ ගොස් පවතින භාණ්ඩ මිල ගණන් අවම කිරීම සඳහාත්, උද්ධමනය වඩා අවම අගයක් කිරීම උදෙසාත් ශ්‍රී ලංකාව සිය වෙළෙඳපොළ විස්තීරණය කළ යුතු බවයි.

එමෙන්ම මේ වන විට වෙළෙද අමාත්‍යාංශය නිෂ්පාදන පිරිවැය අවම කිරීම, පසු අස්වනු හානිය වැළැක්වීම, නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්වේ.

වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් උදෙසා අවශ්‍ය නව තාක්ෂණික දැනුම හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...