රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :
නැගී එන ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩා කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගය තියුණු තරගයකින් අනතුරුව එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 216ක් ලබා ගත්හ
පන්දුවට පහරදීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Shahzaib Khan ලකුණු 60 ක්, Shamyl Hussain ලකුණු 40 ක් හා නායක Abdul Samad ලකුණු 33 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු කඩුලු 3 ක්, ගරුක සංකේත් කඩුලු 3 ක්, වනුජ සහන් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 යි පන්දු 1 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී සිටියදී තියුණු සටනකින් අනතුරුව සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර, පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක පවන් රත්නායක ලකුණු 30 ක්, ලතිස් කෑස්පුල්ලේ ලකුණු 26 ක්, සිනෙත් ජයවර්ධන ලකුණු 20 ක් හා නිෂාන් මදුෂ්ක ඔහුට අනගි සහයක් ලබාදුන් ගරුක සංකේත් ලකුණු 4 ක් ලබාගත්තේය.
ඒ අනුව නැගී එන ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩා කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තුන්වැනි වරට දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

