හදිසියේම අමෙරිකානු තානාපති පොහොට්ටු සාමාජිකයන් හමුවූයේ ඇයි?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ (LNW):

අද (14) පෙරවරුවේ, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ.

එහිදී, USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා ඇමරිකානු තානාපතිනිය ජුලී චන්ග් හමුවේ පවසා ඇත. තවද මෙහිදී වැදගත් කරුණු රැසක් පිලිබදව මෙන්ම ඉතා සුහදව සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා වේ.

ඒ අනුව, ජූලි චන්ග් මහත්මිය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බව සඳහන් වන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව ඇය මෙලෙස පැමිණ ඇති බව සඳහන් වේ.

ඇය මෙහිදී , පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක, ජයත්ත කැටගොඩ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහත්වරුන් මුණගැසී සාකච්ඡාකර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...