සටහන – රුවන් නෙළුගොල්ල
පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී අද (05) උදෑසන පීලි පැන තිබේ.
අද උදෑසන 4.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර පීලි පැනීමෙන් දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව ඇති බව වාර්තා විය.

