කැළණිවැලියට නව පණක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ (LNW):

ඊයේ (13) පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා පවසා සිටියේ, අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට නව රජයේ කඩිනම් අවධානය යොමුව ඇති බවයි.

මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා ද, දෙවන අදියර ලෙස රත්නපුර සිට කහවත්ත දක්වා ද, තුන්වන අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වා ද ඉදිකිරීමට යෝජිත බව, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා සඳහන් කළේය.

1970 දශකය දක්වා කොළඹ සිට කහවත්ත දක්වා ම දුම්රිය ධාවනය කර තිබෙන අතර, මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස ගැනෙන අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වාම මේ වන විටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර තිබෙන බව පැවසේ. එමෙන්ම දුම්රිය ස්ථාන ද බොහොමයක්ම හඳුනාගෙන ඇත.

තවද, මෙයට සමගාමීව කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හෝමාගම දක්වා කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ. තුන්වන අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා දිවෙන කොටස අලුතින්ම යෝජිත දුම්රිය මාර්ගයකි.

මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30 ක් පමණ වැය වෙතැයි පැවසූ ඒ් මහතා ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියානු රජය සමඟද සාකච්ඡා කරමින් සිටින බව ද වැඩිදුරටත් පැවසීය.

ප්‍රදේශ ගණනාවක ජනතාවට මෙමඟින් ලැබෙන්නේ මහඟු සේවයකි.එමෙන්ම සංචාරක කර්මාන්තයටද විශාල සේවයක් සපයනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...