යට යන උඩ එන නාමල්ගේ නීති පට්ටම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ (LNW):

‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’  නමැති සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව කළ පැමිණිල්ලකට අනුවයි.

සමාජ මාධ්‍ය ජාලයක විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට වාර්තාවක් පළවී ඇති බැවින්, එම වාර්තාවකට අනුව අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...