රනිල් පරාජිතයින් යළි කැඳවයි – මෛත්‍රීත් ඇවිත්!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (12) රාත්‍රියේ දෙවන වරටත් පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ පිරිස් කැඳවා තිබුණි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී එම හමුව සංවිධානය කර තිබුණ අතර ඊට හිටපු ජනාධිපතිපාල මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටියේය.

එම සාකච්ජාවට සාගල රත්නායක,ප්‍රේමනාත් සී දොලවත්ත,රාජිත සේනාරත්න, උදය ගම්මන්පිල, නිමල් සිරිපාලද සිල්වා,නිමල් ලාන්සා,වජිර අබේවර්ධන,රුවන් විජයවර්ධන ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් සහභාගී වී සිටි අතර විපක්ෂයේ සියලුම කණ්ඩායම් පාහේ ඊට සහභාගී වී ඇති බව සඳහන්.

මෙම හමුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් හටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ පවතින තත්ත්වයන් ගැන විපක්ෂයේ සහභාගීත්වයෙන් සමාලෝචනයක් සිදුකළ බවයි.

පොදු සතුරාට එරෙහිව පිරිස් ලං වෙමින් සිටින බවයි සේනාරත්න මහතා එහිදී පැවසුවේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හිත් අමනාපකම් ද පහව ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේවෙතත් ඊයේ පැවති සාකච්ජාවට සමඟි ජන බලවේගයේ නියෝජිතයින් පැමිණ නැති අතර ඉදිරියේදී ඔවුන්ද සම්බන්ධ වනු ඇතැයි රුවන් විජේවර්ධන මහතා කියාසිටියේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට එකට එක්ව තරඟ කරනවාද වෙන් වෙන් වශයෙන් ඉදිරිපත්වෙනවාද යන්න ඉදිරියේදී තීරණය කරන බවද ඔහු සඳහන් කරන ලදී.

පසුගිය ජනවාරි මස 30 වනිදා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ හමුවක් සිදුවිය.

එදින සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් සහභාගී වී තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...