තම පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීමට පියුමි හංසමාලි අධිකරණයේ පිහිට පතයි !

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයට අදාළ නඩුව අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 04 හමුවේ මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබිණි.

එහිදී පියුමි හංසමාලි සිය නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ සිය රූපලාවන්‍ය ආලේපන ව්‍යාපාරයේ පාරිභෝගිකයින් බියවද්දමින් ඔවුන්ට හිරිහැර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි. CID නිලධාරීන් තම පාරිභෝගිකයින්ගේ නිවෙස් කරාගොස් ඔවුන්ට බලපෑම් කරමින් හිරිහැර කිරීමටත් දුර බැහැර පාරිභෝගිකයින්ට කොළඹ පැමිණ ප්‍රකාශ ලබාදෙන්නැයි දැනුම් දෙමින් ඔවුන්ව අපහසුතාවට පත්කිරීමටත් කටයුතු කරන අතර තම ව්‍යාපාරය බිඳවැට්ටවීමේ අරමුණින් යුතුව ඔවුන් මෙවැනි දෑවල නිරත වන බවත් පියුමි හංසමාලි වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට මාර්තු 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කිරීමටත් නඩුව එදින යළි කැඳවීමටත් ය.

ජ්‍යේෂ්ඨ නීතීඥ සුමුදු හේවගේ මහතා පියුමි හංසමාලි වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...