යෝෂිතට සහ ඩේසි ආච්චිට අධිචෝදනා ගොණු කරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොර්ස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තිබේ.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනුයි මෙම විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ නීතිපතිවරයා චෝදනා ගොණු කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනුණු අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

රතු පලස දිගේ දිදුලන තරු… අමතක නොවන fashion moments…...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...