*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා දීර්ඝ කිරීමට සාකච්ඡා

පසුගිය යහපාලන රජය සමයේදී ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ගිවිසුම් ගත වූ මනාප වෙළඳ ගිවිසුම (Preferential Trade Agreement – PTA) දීර්ඝ කිරීම පිළබඳව සාකච්ඡා පැවැත්වීමට වත්මන් රජය සූදානම් බවට වාර්තා වේ.

අදාළ ගිවිසුම දෙරට අතර ඇතිකර ගනු ලැබුවේ පසුගිය රජය යටතේ 2018 වර්ෂයේදී වන අතර, මෙම සබඳතා දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දෙවි ටොබිං මහත්මිය සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර කඩිනම් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉන්දුනීසියානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, දෙරට අතර වෙළඳ සබඳතා දීර්ඝ කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශවය එකඟතාව පළකර තිබේ.

මෙම වෙළඳ ගිවිසුම දෙරට අතර ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ සැලකිය යුතු මට්ටමක පුනරුදයක් ඇති කරනු ඇති බවට විශ්වාස කෙරේ.

එමෙන්ම, මනාප වෙළඳ ගිවිසුම හරහා ඉන්දුනීසියානු නිශ්පාදන වැඩි වශයෙන් ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළත් කිරීමට හැකිවනු ඇති බව ඉන්දුනීසියානු තානාපතිනිය පවසයි.

අත්‍යාවශ්‍ය නොවන නිශ්පාදන මෙරටට ගෙන්වීම සීමා කිරීම හා තහනම් කිරීම පිළිබඳව අදහස් දැක්වූ ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කළේ, දෙරට අතර වෙළඳාමට බාධා නොවන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජය දිරිමත් කළ බවයි.

මෙහිදී වෙළඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආනයන සීමා කිරීම හා තහනම් කිරීම තාවකාලික ස්වභාවයක් බවත්, නුදුරු අනාගතයේදී එය ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් ය.

එමෙන්ම, දෙරට අතර වෙළඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමට හවුල් ව්‍යාපාර් යෝජනා ක්‍රමයක් සහ ආයෝජනයක් සිදුකිරීම පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වී ඇත.

සෙවුම් සහ මුදාගැනීම් (Search and Rescue – SAR), උසස් අධ්‍යාපනය, පර්යේෂණ සහ තාක්ෂණය, සහ මත්ද්‍රව්‍ය, මනෝඔසු සහ ඒවාහි රසායනික මූලද්‍රව්‍යයන් ජාවාරමට එරෙහි සහයෝගීතාව ආදී කලාප තුනක් ආශ්‍රිතව ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබනු ලැබුවේ ඉකුත් 2019 වර්ෂයේදී ය.

දෙරට අතර පවතින සමුද්‍ර සබඳතාව හඳුනා ගනිමින් වෙළඳ හා ආයෝජන සම්බන්ධ අන්‍යොන්‍ය සහයෝගීතා පිළිබඳව පුළුල් වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට හා ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීමට ඇති කැපවීම පිළිබඳව යළි අවධාරණය කිරීමට මෙම අවස්ථාව යොදාගෙන ඇත.

එමෙන්ම, දෙරට අතර ආර්ථික ක්ෂේත්‍රයේ භාවිතයට නොගත් විභවයන් හඳුනා ගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් පිළිගත් අතර, වෙළඳ හා ආයෝජන පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.

දෙරට අතර වෙළඳ කටයුතු වඩාත් පරිපූර්ණ කර ගැනීම සඳහා, එහි ක්‍රියාකාරකම් වලට අදාළව ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට ද මෙහිදී එකඟතාව පළකර තිබේ.

මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්මය, ජලජීවී වගාව, ධීවර කර්මාන්තය, ආපදා කළමනාකරණය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල ධාරිතා ගොඩනැගීමේ හැකියාවන් හඳුනා ගැනීමට ද මෙහිදී දෙපාර්ශවය එකඟ වී තිබේ.

තවද, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත්කම හඳුනා ගැනීමේ පියවරක් ලෙස, රාජ්‍යයන් දෙකෙහි ම හමුදා නිලධාරීන් පුහුණු කිරීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ක්‍රියාන්විත දියත් කිරීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan