බැසිල් මහත්තයාගේ මොළ හතේ වැඩ මේ වසර අවසන් වෙද්දී බලාගන්න පුළුවන් – කුට්ටිආරච්චි (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතාට මොළ හතක කතාව කිව්වේ උපමා උපමේය භාවිතාව අනුව වන අතර ඒ අනුව හත්දෙනෙකු විසින් කරන වැඩ ඔහුට තනිව කළ හැකි බවත් ඒ ගැන මේ වසර අවසන් වන විට බලාගත හැකි වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (14) නාරාහේන්පිට අභයාරාමයේදී පවතී සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බැසිල් රාජපක්ෂ මහතා මොළ හතෙන් ක්‍රියාත්ක වීම දැනටමත් ආරම්භ කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

”මෙහෙමයි මොළ හතක් එනව කියල එකපාර අර්ථකථනය කරා තෙල් මිල අඩුකරයි පරිප්පු මිල අඩුකරයි සීනි මිල අඩුකරයි කියල. මුදල් ඇමතිවරයාගේ වගකීම හාල් පරිප්පු සීනි අඩුකරන එක නෙවෙයි. ඒ මිල අඩුකර ගැනීම සඳහා අවශ්‍ය වපසරිය මුදල් අමාත්‍යාංශය තුළ නිර්මාණය කර ගැනීම. රටේ ආයදම වියදම බැලන්ස් කිරීමේ නිර්මාණශීලි හැකියාව තමයි අපි මුදල් අමාත්‍යවරයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...