‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW :

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍ර,ව්‍ය ජාවාරම්කරුවෙකු යැයි සැක කෙරෙන, ‘කයිවාරු මුතු’ (Kaiwaru Muthu) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මනෝජ් මුතුකුමාර් නමැත්තා, පැය 72ක රැඳවුම් නියෝගයක් මත බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා භාරගෙන ඇත.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ගුවන්තොටුපළ ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීට පෙර ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන සිටි ඔහු, පසුව ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කරනු ලැබීය. 30 හැවිරිදි වියේ පසුවන මොහු කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 2013 වසරේ අතුරුගිරිය ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදු කිරීම, 2016 වසරේ දෙල්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සහ 2024 වසරේ නවගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම, 2024 වසරේ නවගමුව පොලිස් වසමේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු කර දේපළ හානි කිරීම, කොරතොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ දුරකථනය ඔස්සේ පුද්ගලයින්ට මරණ තර්ජන එල්ල කිරීම යන චෝදනා ද ඔහුට එරෙහිව පවතී.

මෙම චෝදනාවලට අදාළව කඩුවෙල සහ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණවලදී ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...