*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

වී වගාවේ අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමේ ජාතික ඉලක්කයක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): වගා කන්න 06ක් තුළ මෙරට වී වගාවේ අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ පළමු අදියර 2024 යල කන්නයේදී ආරම්භ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් නව කෘෂිකාර්මික ප්‍රවේශයක් තුළින් වී වගාවේ අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකසන්නැයි කෘෂිකර්මහාවැවිලිකර්මාන්තඅමාත්‍යාංශයට උපදෙස් දී ඇති බව සඅහන් වේ.

ඒ අනුව එම වැඩපිළිවෙලෙහි සමාරම්භය මෙවර යල කන්නයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

2024 එළඹෙන යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විශේෂ ජල කලමනාකරණ සාකච්ඡාව ඊයේ (13) දින පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ‍පැවැත්වුණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, වනජීවී වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රාජ්‍ය ඇමතිවරුඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සහ සියලුම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

ඒ අනුව 2024 යල කන්නයේ වගා කටයුතු මාර්තු මස අවසන් සතියේ සිට අප්‍රේල් මස පළමු සතිය දක්වා වූ කාලය තුළ ආරම්භ කිරීමට මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ ජලය නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ අතර, වී වගාවට අදාළව ජලය එම කාලය තුළ නිකුත් කරන අතර, අනෙකුත් බෝග වගාවන් සඳහා අප්‍රේල් තුන්වන සතියේ සිට ජලය නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

මේ වනවිට සියලුම මහවැලි ජලාශවල දැනට ඇති ජල ප්‍රමාණය 94%ක් වන අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල 91%ක ජල ධාරිතාවක් පවතී.

යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය සමස්ත ජල ප්‍රමාණය මේ වනවිට ජලාශ සතුව පවතින අතර, එමඟින් වගාවන් සාර්ථක කර ගැනීමට හැකියාව ඇතැයි මෙහිදී නිලධාරීන් පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම දැනට පවතින කාලගුණික තත්ත්වය අනුව පෙබරවාරි මාර්තු මාසවල තවදුරටත් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, අප්‍රේල් මාසයේදී ඊසාන දිග මෝසම් සුළඟ සක්‍රීය වීමත් සමඟ වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්හ.

මෙම යල කන්නයෙන් පසු මැද කන්නයේ අතුරු බෝග වගා කිරීමට සැලසුම් කර ඇති බැවින් නියමිත දිනයන් තුළදීම වගා කටයුතු ආරම්භ කර අවසන් කිරීමට පියවර ගන්නා ලෙස සියලුම ගොවි සංවිධාන වෙත මෙහිදී දැනුම් දුන් අතර, දැනට තිබෙන ජල ප්‍රමාණයන් අනුව යල කන්නය සියයට සියයකින් සාර්ථක කර ගැනීමට හැකිවන බැවින් හැකිතරම් අරපිරිමැස්මෙන් තිබෙන ජලය පරිහරණය කිරීමටත්, නිසි කලට වගා කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙසත් මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan