තවත් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරක !

Date:

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් ගමන් ගත් මෝටර් රථයක් චාවකච්චේරි ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය කිලිනොච්චියේ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී එය ඉදිරියෙන් ගමන් ගත් කුඩා ලොරි රථයක් චාවකච්චේරි දෙසට හැරී පසුපසින් පැමිණි මන්ත්‍රීවරයාගේ රියේ ගැටී ඇති බව සඳහන්.

අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඔහුගේ සහායකයකු සහ මෝටර් රථයේ රියදුරා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ (14) දිනයේදී ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් ගමන් ගත් මෝටර් රථය ද වෙන්නප්පුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබුණු අතර එහිදී යතුරුපැදිකරුවකු මියගොස් තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...