ඖෂධ හිඟය ගැන කියන්න SLMA මානව හිමිකම් කොමිසමට යයි! (VIDEO)

Date:

මේ වන විට රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ සෞඛ්‍යමත් ජීවිතයක් වෙනුවෙන් ජනතාවට අයිතියද මේ වන විට උල්ලංඝනය වී තිබෙන බවයි.

විශේෂයෙන් රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින මොහොතක අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගෙන්වීමට පියවර ගෙන තිබෙන බවද කරුණාතිලක මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් පවතිද්දීත් එය විසඳීමට බලධාරීන්ට අවංක වුවමනාවක් තිබේද යන ප්‍රශ්නය මතුවන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට ශල්‍ය කාර්ම සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය පැහැදිලි කරමින් මහාචාර්යවරයා සඳහන් කළේ වෛද්‍ය විද්‍යාවට අනුව අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන අයුරින් ශල්‍ය කාර්ම වෙන්කළ නොහැකි බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින මෙම අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දිගින් දිගටම හඬ අවදි කරන බව හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...