ක්‍රිකට් කෙල්ලන්ගෙ ගණන් ඉස්සෙයි

මේ වන විට දකුණු අප්‍රිකාවේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ගෙවීම් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර ඇත.
ඒ අනුව මේ දක්වා තරග දීමනාව සේ ලැබුණ ඩොලර් 250 ක දීමනාව ඩොලර් 750 දක්වා ඉහළ දැමීමට විධායක සභාව එකඟතාවය පළ කර තිබේ.එහිදී තරගයට සහභාගි නොවුණත්,තරගාවලිය සඳහා සංචිත ගතව සිටින සියලුම් ක්‍රීඩිකාවන්ටත් එම මුදලින් සියයට 25 ක් මුදලක් ලෙස ඩොලර් 187.50 ක මුදලක් ගෙවීමට ද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

මෙම දීමනාවට ජයග්‍රහණයකදී තවත් ඩොලර් 250 ක් ප්‍රසාද දීමනා සේ එකතු වන අතර එවැනි අවස්ථාවක දී සංචිතයේ සිටින ක්‍රීඩිකාවකට තරගයකට සහභාගි වී සිටින ක්‍රීඩිකාවකට ලැබෙන ඩොලර් 1000 ක මුළු මුදලෙන් සියයට 25 ක් සේ, හිමිවන මුදල ඩොලර් 250 කි.

මෙම ගෙවීම් ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා සහභාගි වූ ක්‍රීඩිකාවන් ජයග්‍රාහි තරග දෙකෙන් තරගයකට ඩොලර් 1000 බැඟින් හිමි කරගෙන ඇත.සංචිතයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඩොලර් 250 බැඟින් තරගයකට හිමි කර ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ කාන්තා ක්‍රිකට් දිරි ගැන්වීමේ අදහසෙන් මේ තීරණයට එළැඹි බවය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...