සාමය ඉල්ලූ යුක්රේන ක්‍රීඩකයාට සමාව

Date:

චීනයේ පැවත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල නියෝජනය කරන යුක්රේන ක්‍රීඩක ව්ලැඩ්ස්ලාව් හෙරස්කෙවිච් තමන් සහභාගි වූ ස්කෙල්ටන් තරගය අවසානයේ යුක්රේනයට යුද්ධයක් අවශ්‍යය නැත යන හැඟිම ප්‍රතාශ වෙන පූවරුවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමාව ප්‍රදානය කර ඇත.

මේ දිනවල රුසියානු ආක්‍රමණයක ආසන්නයේ සිටින යුක්රේනය ඉන් ගලවා ගන්නට ලෝකයට සිදු කරන පණිවිඩයක් ලෙස ගත හැකි ව්ලැඩ්ස්ලාව් ගේ පූවරුව ඔලිම්පික් නීති උල්ලංඝනයක්ද යන්න සළකා බැලීමෙන් පසුව එය සාමය උදේසා කරන ලද ප්‍රකාශයක් ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

“කිසිදු ඔලිම්පික් ක්‍රීඩාංගන, ස්ථාන හෝ වෙනත් ප්‍රදේශයක කිසිදු ආකාරයක පෙලපාලි හෝ දේශපාලන, ආගමික හෝ වාර්ගික ප්‍රචාරණයකට අවසර නැත” යනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රඥප්තියේ පනස් වන රීතියේ සඳහන් වන අතර,එය පාදක කර ගනිමින් ව්ලැඩ්ස්ලාව් විසින් ඉදිරිපත් කරන ලද පූවරුව රීති උල්ලංඝණයක්ද යන්න සළකා බැලිණි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...