ඇමති විමල්ගෙන් ගොරකා වැඩක් – ඇමරිකානු කොකාකෝලා වෙනුවට දේශීය ගරක් කෝලා !

Date:

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් පසුගිය 11 වනදා පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් – කෝලා’ යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය.

මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව ‘maa Product’ ආයතනය ‘ගෞරව උත්තමාචාර ප්‍රණාම උළෙලක්’ ද සංවිධානය කර තිබූ අතර එහිදී ‘කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්’ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.

එසේම ආතර් වී. දියෙස් ශ්‍රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්‍ය එරංග පතිරණ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර, ප්‍රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්‍රවීණ නිර්මාණවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

පැමිණි ආරාධිතයන් පිළිගැනීම ‘maa Product’ සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...