ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රවාහන සේවයට අදාළව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බිලියනය ඉක්මවා ආදායම් උපයා තිබෙන අතර අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ එම විශේෂ ප්‍රවාහන සේවාව ඉත සාර්ථක කර ගැනීමට හැකිව තිබේ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ දින හයක් තුළ බිලියනයක අදායමක් ඉපයුවද මුලික අරමුණ ලාභ ලබා ගැනීම නොවන අතර පොදු ප්‍රවාහනය තුළ වගකීමට බැඳී සිටින පාර්ශවයක් ලෙස මගීන්ගේ ආරක්ෂාව, සුවපහසු ගමනාන්තය මෙන්ම මගීන්ව ඔවුන්ට අවශ්‍ය තැනට ගෙනයාම ප්‍රධාන කොටගෙන ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රජයට බරක් නොවී වියදම් පියවා ගැනීමේ මට්ටමට ආදායම උපයන බවද කනකරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ ආරම්භ වූ මෙට්රෝ බස් රථ සේවය මෙන්ම ලංගම සියලුම බස් රථවලට අදාළව ජංගම දුරකථන යෙදවුමක් හදුන්වා දීමට බලාපොරොත්තු වන අතර ප්‍රවාහන සේවය තුළ ශ්‍රී ලංකාව වසර 25ක් ආපස්සට ගොස් සිටින හෙයින් එම ආපස්සට ගිය කාලය ඉදිරියට ගැනීමට කටයුතු කරන බව්වඩ් ඔහු සඳහන් කරන ලදී.


