කෙට්ටු වෙන ඩොලරය හා හෙට්ටු නොවෙන රුපියල

Date:

වසංගතය හමුවේ පසු ගිය දෙවසර තුළ ඇමරිකන් ආණ්ඩුව කිහිප වරක්ම ඇමරිකානුවන්ට සල්ලි බෙදුවා. ඒ බෙදුවේ, ජනාධිපති බයිඩන් ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි. එයින් සැලකිය යුතු කොටසක් අච්චු ගහපු සල්ලි. සල්ලි අච්චු ගැසීමේ අනිවාර්ය ප්‍රතිඵලය සල්ලි බාල්දු වීම. රුපියලද ඩොලරයද කියා ඒකේ වෙනසක් නැහැ.

පසුගිය ජනවාරි මාසය වෙද්දී ඇමරිකාවේ උද්ධමනය 7.5%ට නැග්ගා. මෙය අවුරුදු හතළිහකින් ඇමරිකාවේ වාර්තා වූ ඉහළම උද්ධමනය. මෙයින් අදහස් වන්නේ වසරක් ඇතුළත ඩොලරය 7.5%කින් බාල්දු වී ඇති බවයි.

ඩොලරය මේ විදිහට බාල්දු වෙද්දී අනෙක් මුදල් ඒකක වලින් ඩොලරයක මිල පහළ යා යුතුයි. හැබැයි අනෙක් මුදල් ඒකක ඊටත් වඩා බාල්දු වෙලානම් එහෙම වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉහළ උද්ධමනය හමුවේ ගොඩක් රටවල් පරාද වී ඇතත්, ලංකාවනම් සෙකන්ඩ් වෙලා නැහැ. ජනවාරි මාසයේ ලංකාවේ උද්ධමනය 14.2% දක්වාම ඉහළ ගියානේ. ඩොලරය 7.5%කින් කෙට්ටු වෙද්දී රුපියල 14.2%කින්ම කෙට්ටු වෙලා. කෙට්ටු ඩොලරය එක්ක දුවලා වුවත්, රුපියල ගිහින් තියෙන්නේ තවත් පස්සටයි.

හැබැයි කෙට්ටු වෙන ඩොලරය එක්ක රුපියල හරියට හෙට්ටු වෙන්නේ නැහැ. රුපියල තාම ඉන්නේ ඇඟේ තරමට වඩා ලොකු ඇඳුමක් ඇඳගෙන. මේ ඇඳුම නඩත්තු කරන්න ලංකාවට ලොකු වියදමක් යනවා. ආණ්ඩුව ණයට කමින් ඇඳුම නඩත්තු කරනවා.

හැපී වැලන්ටයින්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...