*
Thursday, February 20, 2025
spot_img

Latest Posts

අදානි ලංකාවෙන් ගියේ ඇයි? ජන අරගල සන්ධානයෙන් හෙළිදරව්වක්.

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින සුළං විදුලි බලාගාරයේ අහිතකර බව සහ ඔවුන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර යාමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක්, ජන අරගල සන්ධානය ඊයේ ( 2025 – 02 – 15 ) දින , කැඳවන ලදී.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා,

” ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය විසින් ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වුණ ප්‍රශ්නගත සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර ලංකාවෙන් යන්න තීරණය කල බව ඊයේ නිවේදනය කරලා තිබුණා. නමුත් අපි හිතනවා ජන අරගල සන්ධානය විදිහට මෙතන වෙන්න යන්නේ මොකක් ද කියලා ජනතාවට හෙලිකළ යුතුයි කියලා.

අපි දන්නවා අදානි සමාගම විසින් ක්‍රියාත්මක කරන්න ගිය මේ ව්‍යාපෘතියට ආරම්භක මොහොතේ ඉඳලම විශාලා ජනතා විරෝධයයක් එල්ල වුණා. ඒ විරෝධයට මුල් වුණ පදනම් කිහිපයක් තියනවා.එකක් තමයි අදානි සමාගමට මේ ව්‍යාපෘතිය ලබා දුන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව වීම. අනිත් එක අධික මිළ ගණන් යටතේ මේ ව්‍යාපෘතිය ලබා දීම නිසා වංචා සිදුවුණා දැයි ඇති වෙන සැකය. ඊලඟට යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා විශාල පාරිසරික හානියක් සිදු වෙන බවට ඉදිරිපත් වුණ තක්සේරුව. සහ මෙතන තිබුණු බරපතළම කාරණය වුනේ අදාළ ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට හානි වීම.

       මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න යෝජිත මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශය කියන්නේ ලෝකයේ පක්ෂි පර්‍යටනය සම්බන්ධයෙන් වැදගත්ම කලාප 16න් එකක්. පරිසරවේදීන් කියන විදිහට රටවල් 30ක පක්ෂීන් මිලියන 15කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදේශය හරහා ගමන් කරනවා. එයින් මිලියනක් පමණ මන්නාරම ප්‍රදේශයේ සැරිසරනවා. ඒ නිසා මේක සරලව ගන්න බැ. මොකද මේක බලපානවා එක පැත්තකින් ලෝකයේ සහා ලංකාවේ පාරිසරික සමතුලිතතාවයට. ඒවගේම තමයි මොරටුව විශ්වවිද්‍යාලයෙන් කරපු සමීකරණයක් කියනවා මන්නාරම ප්‍රදේශයට වඩා හම්බන්තොට සුළං විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සුදුසුයි කියලා. ඒ ප්‍රදේශය අතහැරලා මන්නාරමේ මේක අටවන්න යන එකන්ම මෙතන ඉන්දියානු මැදිහත්වීමක් තියනවා කියන එක පැහැදිලි වෙනවා.

     ඊලඟට මේ ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වාර්තාවක් ඉදිරිපත් කලා. එය සකස් කලේ දේවක වීරකෝන් කියන නිළධාරියා. ඔහුගේ වාර්තාවේ තිබුණේ පක්ෂි පර්‍යටන කොරිඩෝවක් නිර්මාණය කලාම පක්ෂීන්ට හානියක් වෙන්නෑ කියලා. නමුත් අදාළ ව්‍යාපෘතිය දැනට මෙගාවෝට් 484ක් කිව්වට මේක මෙගාවෝට් 20,000ක විශාල ව්‍යාපෘතියක්. එහෙම ව්‍යාපෘතියක් හැදෙනවා කියන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවේ කියන විදිහට කොරිඩෝවකින් යන්න මේ ප්‍රදේශය එන කුරුල්ලන්ට වෙනම ලර්නර්ස් එකක් දාලා අට ගහන්න පුරුදු කරන්න වෙනවා. ඒ නිසා මේ වාර්තාව පවා ප්‍රශ්න සහගතයි.

මෙන්න මේ කියන කාරණා එක්ක තමයි එවකට පරිසරවේදීන් අදානිගේ සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතියට එරෙහිව උසාවියේ නඩු පහකට අධික ප්‍රමාණයක් ගොනු කලේ. ඒ නඩු එක්ක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලැබුණා. එහෙම තාවකාලිකව නතර වෙච්ච ව්‍යාපෘතිය ගැන තමයි ඔන්න දැන් ලොකු සාකච්ඡාවක් ඇවිත් තියෙන්නේ. 

දැන් අදානි සමාගම කියන විදිහට නඩු දාලා ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම නිසා සහ මිළ ගණන් සම්බන්ධයෙන් ආවා සාකච්ඡා නිසා ඔවුන් ව්‍යාපෘතිය ඇතහැරලා යන්න තීරණය කරලා තියනවා. නමුත් දැනට එහෙම මුදල සම්බන්ධයෙන් මූලික එකඟතාවකට රජය ඇවිත් නෑ. හැබැයි අදානි කියනවා යුනිට් එකක් ඩොලර් ශත 8.26කට මේ ව්‍යාපෘතිය මගින් එකඟ වුණා කියලා. නමුත් ලංකාව මේ වෙද්දිත් සුළං විදුලි යුනිට් එකක් ඩොලර් ශත 4.86 ගණනේ වෙනත් සමාගම්වලින් විදුලිබලය ලබා ගන්නවා. අනිත් එක මේ අදානි සමාගමම ඉන්දියාවට විදුලිය ලබා දෙන්නේ ඩොලර් ශත 4 ගානේ. රුපියල් වලින් බැලුවොත් අදානි අපිට යුනිට් එකක් විකුණනන්න ඉන්නේ රුපියල් 24.78කට නමුත් දැනටත් රුපියල් 14.64කට විදුලිය ලබා ගන්නවා.

මේ අදානි සමූහ ව්‍යාපාරය කියන්නේ අල්ලස් ලබාදීමේ ඡෝදනාවක් නිසා ඇමරිකාව ඇතුලේ බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගමක්. ඩොලර් බිලියන දෙකක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඩොලර් මිලියන 250ක අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ට බරපතළ ඡෝදනාවක් එල්ලවෙලා තියනවා. ඒකෙන් පස්සේ ඇමරිකාව තීරණය කලා අදානි සමාගම සමග කිසිඳු ව්‍යාපෘතියක් නොකරන්න. බංගලිදේශය සහ කෙන්නියාවත් තමන්ගේ රටවල තියෙන අදානි සමාගමේ ව්‍යාපෘති නවත්තලා තියෙන්නේ. එහෙම තියෙද්දී තමයි අනුර දිසානායක ඉන්දියාවට ගිහිල්ලා ප්‍රකාශ කලේ ලංකාව අදානි එක්ක දිගටම ව්‍යාපෘති කරන්න සූදානම් කියලා.

මේ ආණ්ඩුව බලයට ආවේ වංචා දූෂණ සම්බන්ධ බරපතළ සටන් පාඨයක් එක්ක. එහෙම ආණ්ඩුවකට පුලුවන් ද අදානි වගේ වංචාකාරයෙක් එක්ක කරට අත දාගන්න ?මේ ඔක්කොම පැත්තකින් තියලා ඊයේ දවසේ ඇතිවුණ කතාබහ දිහා බැලුවම අපිට පේනවා ලස්සන ඩ්‍රාමා එකක්. මුලින් ලියපු පිටපතකට අනුව අදානි ටටා බායි අපි ගියා කියලා යන්න යනවා. පෙබරවාරි 13 අදානි ලිපියක් යවනවා BOI එකට ඔවුන්ගේ සමාගම මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙන බව සඳහන් කරමින්. අපි දන්න විදිහට මේ ලියුම දාන්න ඕන විදුලිබල මණ්ඩලයට. ඊලඟට අද ඩේලිමිරර් පුවත්පත වාර්තා කරල තියනවා ලබන සතියේ අදානි සමාගම ලංකාවේ රජය එක්ක නැවත සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා කියලා. මෙය නිළ නොවන ආරංචියක්. දැන් මෙතන වෙන්න යන්නේ පැහැදිලිවම අදානිව තියාගන්න ජනතා අනුමැතිය ලබාගැනීමට අදාළ නාට්‍යක්. දැන් පත්තරවල ෆේස්බුක් එකේ සමහරු ලියන්න පටන් අරගෙන ආයෝජකයෝ රැකගන්න ඕන අදානිව කොහොමහරි තියාගත යුතුයි වගේ කතා. එහෙම කතා එක්ක තමයි අදානි ආණ්ඩුව එක්ක ලබන සතියේ සාකච්ඡා කරන්න යන්නේ. තමන්ට වාසිදායක විදිහට පිට්ටනිය හදාගෙන ආණ්ඩුව තමන්ගේ ව්‍යාපෘතියට එකඟ කරගන්න තමයි සූදානම් වෙන්නේ. අන්තිමට මේ පාරිසරික ප්‍රශ්න. අධිකරණයේ තියෙන නඩු මිළ ගණන් සම්බන්ධ සාකච්ඡා ඒ මොනවත් නැතුව අදාළ ව්‍යාපෘතිය ඩැහැගන්නයි මේ උත්සහ කරන්නේ ?

අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ අදානි මේ කරන්න යන සෙල්ලමට ඔබ එඟද ? ඒ වගේම ලබන සතියේ අදානි සමාගම එක්ක ආණ්ඩුව යම් සාකච්ඡාවකට සූදානමින් ඉන්නවද ? මේ ගැටලු සියල්ලම මෙසේ තිබියදී අදානි සමාගමට අදාළ ව්‍යාපෘතිය ලබා දෙන්න ආණ්ඩුව සූදානම් ද ? මෙන්න මේ කියන ප්‍රශ්නවලට ආණ්ඩුව ජනතාවට උත්තර දෙන්න ඕන. අපි ජනතාවට කියනවා විශාල පාරිසරික හානියක් සහා වංචාවක් එක්ක එන මේ ව්‍යාපෘතිය කිසිසේත්ම අනුමත කරන්න එපා. මේ ව්‍යාපෘතිය සහ අදානිලාගේ මෝදිලාගේ උවමනාවන් පරාජය කරන්න එකතු වෙමු කියන යෝජනාව අපි ජන අරගල සන්ධානය විදිහට ජනතාවට කරනවා. “ ලෙස පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan