ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනෙන් පිටව යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ මහතා දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා මියන්මාරය බලා පිටව ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මියන්මාරයේ සමාජ ක්‍රියාකාරික සංවිධාන කිහිපයක ආරාධනය මත ඒ මහතා මෙම සංචාරයේ නිරත වන අතර ඒ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියත් පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර මහතාත් මෙම සංචාරයට එක්ව සිටින බවත් වාර්තා විය.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන්නේ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ සහෝදරයා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...