ඇමරිකානු VIP නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ ජනපති රනිල් හමුවෙලා ?

පෙරේදා (14) රාත්‍රියේ ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයකු ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි එම විශේෂ නියෝජිත පිරිස “කලම්බෝ සිටි” හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර ඊයේ දිනයේදී ඔවුන් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් ඇති අතර ඉන් පසුව ඔවුන් රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලයට ගොස් සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් ඒ මහතාව ද හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එසේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් දිවයිනෙන් පිටව ගොස් ඇති අතර මෙම දූත පිරිස වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද සකස් තිබුණු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...