ඇමරිකානු VIP නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ ජනපති රනිල් හමුවෙලා ?

පෙරේදා (14) රාත්‍රියේ ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයකු ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි එම විශේෂ නියෝජිත පිරිස “කලම්බෝ සිටි” හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර ඊයේ දිනයේදී ඔවුන් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් ඇති අතර ඉන් පසුව ඔවුන් රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලයට ගොස් සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් ඒ මහතාව ද හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එසේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් දිවයිනෙන් පිටව ගොස් ඇති අතර මෙම දූත පිරිස වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද සකස් තිබුණු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...