අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ඉන්දීය ණය සහනයෙහි ඉතිරි මුදල් ප්‍රයෝජනයට ගැනීම ගැන සාකච්ඡා

Date:

ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී ඇති හදිසි අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉන්දීය ණය සහනයෙහි ඉතිරිව පවතින මුදල් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමුවී තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පසුගිය 14 වනදා පස්වරුවේ නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී මහත්මිය මුණ ගැසුණු අතර එහි දී මෙම කරුණ සාකච්ඡාවට ලක්විය.

ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීම අමාත්‍ය සීතාරාමන් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 24-25 දිනවල බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත අතර එයට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර මුණගැසීම විශේෂත්වයකි.

ඉන්දියානු රුපියල් ගනුදෙනු ආරම්භ කිරීමට මුලික කටයුතු ආරම්භ කර ඇති අතර එම හුවමාරු පහසු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ වගන්ති සම්මත කිරීම ගැන ද මහ කොමසාරිස්වරයා අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකාවට දැනට ලබා දී ඇති හදිසි ආධාර සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉන්දිය රජය ලබා දුන් සහතිකය සම්බන්ධයෙන් ද මොරගොඩ මහතා මෙහි දී කෘතඥතාව පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව කරගෙන යන සාකච්ඡා සහ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත කරුණු දක්වන ලද අතර වත්මන් ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනතාව මත ඇති කර ඇති තියුණු බලපෑම පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී දැනුම්වත් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...