ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය සහ ජනපති අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 16 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. MiriRegev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ, හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්විය යුතු බවත්ය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාමෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ, ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සහාය පළ කරන බවයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...