වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වා දීමේ සැලස්මක්!

කොළඹ LNW:ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකයන් සමඟ ගමන් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රයන් වෙත වෙළඳ මූල්‍යකරණයට අදාළ ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 17 වෙනිදා කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව නිවේදනය කරයි.

වෙළඳ මූල්‍ය අධ්‍යාපනයේ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන සිංගප්පූරුවේ ICC ඇකඩමිය සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන මෙම වැඩමුළුවේ ප්‍රධාන පුහුණු කරු ලෙස බැංකු වෙළඳ මූල්‍යකරණයේ දශක දෙකක අත්දැකීම් ඇති ටැට් යීන් යැප් (Tat Yeen Yap) මහතා සහභාගි වනු ඇත.

වෙළඳ ඩිජිටල්කරණය පිළිබඳ විශ්ලේෂණයක් සමගින් UCPDC,URDG සහ ISBP ඩිජිටල් යෙදවුම් පිළිබඳ මෙරට වෙළඳ,වාණිජ හා බැංකු ප්‍රජාව දැනුවත් කරමින් වෙළඳ මූල්‍ය පිළිබඳ මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා කාර්යාලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවට විශේෂිත වූ බැංකු කටයුතු,ජාත්‍යන්තර බැංකුකරණය,වෙළෙඳ මූල්‍ය සහ මූල්‍ය රෙගුලාසි පිළිබඳ වන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම වැඩමුළුව පිළිබඳ වැඩිදුර විස්තර 0719233078 හෝ 2494647 දුරකථන ඔස්සේ ලබාගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...