පොහොට්ටුවේ ප්‍රමිත බණ්ඩාරගේ සහයත් ජනපති රනිල්ට!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තම සහය ලබා දෙන බව ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තමන් එවැනි තීරණයක් ගත්තේ ආර්ථික වශයෙන් රට වැටී තිබුණ මොහොතේ රට භාර ගැනීමට කිසිම නායකයකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ එම අභියෝගය භාර ගෙන මේ දක්වා සාර්ථකව අපේ රට යම් ස්ථාවරත්වයකට පත් කර ගැනිමට අවශ්‍ය නායකත්වය ලබා දි තිබෙන හෙයින් යැයි තෙන්නකෝන් මහතා කියා සිටියි.

”මෙය මාගේ පෞද්ගලික තීරනණයයි. මෙය මා නියෝජනය කරන පක්ෂයේ තීරණය නොවේ. අපේ පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා ද නැත්නම් අපි වෙනත් අපේක්ෂකයකු සමග සන්ධානගත වෙනවාද කියලා අපේ පක්ෂය තවම තීරණය කර නැහැ. එම නිසා රට ගැන සිතා මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් මගේ සහය ලබා දෙනවා.” යනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (15) පැවති මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හමුවේ අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...