හෙළ සිනමාවේ නිම් වළලු පුළුල් කළ විජය නික්ම ගොස් අදට වසර 36ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 16 කොළඹ (LNW): මෙරට සිනමාව නොමැකෙන නාමයක් වූ එකල දේශපාලනයේ මානව හිතවාදියෙකු වු විජය කුමාරණතුංග නම් වූ ඒ මිනිසා ඝාතනය කර අදට වසර 36ක් සපිරේ.

විජය කුමාරණතුංගයන් 1945 වසරේ ඔක්තෝබර් 9 වනදා උපත ලද අතර, 1967 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයත් සමග එම අද්විතීය අමතක නොවන රංගන ජීවිතය ආරම්භ කළාය.

එදා සිට ඔහු තම ජීවිතයෙන් සමුගන්නා තුරු හෙළ සිනමාවේ නිම් වළලු පුළුල් කළ විජය චිත්‍රපට 114කට රංගනයෙන් දායකවී ඇත.

ඒ අතුරින් විශේෂ වන්නේ, තුෂාරා , ආදරේ හිතෙනවා දැක්කම , හතර දෙනාම සුරයෝ , අහස් ගව්ව , ගඟ අද්දර , පාර දිගේ , මහගෙදර , කැඩපතක ඡායා , නොම්බර 17 ආදී චිත්‍රපට වේ.

1983 සිට 1988 වසර දක්වා ඔහු අඛණ්ඩවම ජනප්‍රියම නළුවාට හිමි සරසවි සම්මානය දිනා ගත් ඔහු, රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ලෙසත් 80 දශකයේ රසිකයින් අතර විජය ජනප්‍රියත්වයට පත්විය.

ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මුල් වී ක්‍රියා කළ විජය කුමාරණතුංගයන් දිගු දේශපාලන ගමනකට සුදානම්වූ අතර, දශක 3ක පමණ කාලයක් මෙරට පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීමට විජය කැප වුණේ තම ජීවිතය දෙවන කොට සලකමිනි.

එල්ටීටීඊය සමඟ සාකච්ඡා කිරීමට ඔහු යාපනයට ගිය ගමන එහිදී විශේෂ වන අතර, දකුණේ පමණක් නොව උතුරේ තරුණ තරුණියන් ද විජය දෑතින් වැළඳ ගත්තේ ඉතාමත් සෙනෙහසිනි.

1978 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාහ දිවියට එළඹ පසුව ඔවුන්ට දරුවන් දෙදෙනකුද ලබුණි,

1988 වසරේ පෙබරවාරි 16 වන දා කිරුලපන පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට දී සාහසිකයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත්වුණේ ඔහුට ආදරය කළ සුවහසක් ජනතාවගේ නෙතට සදාතනික කඳුළක් එක් කරමිණි.

“එදා මියගියද විජය ඔබ තවමත් ලාංකීය ජන හදවතේ නොමැකෙන සදාතනික මතකය වී හමාරයි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...