දකුණු කොරියානු සුරූපිනියකගේ හදිසි අභාවය!

Date:

සටහන – පුලී
පෙබරවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු කොරියානු තරුණ රංඟනශිල්පිනියක් වන Kim Sae-ron සෝල් නුවරදී මියගොස් ඇතැයි එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

24 හැවිරිදි ඇය ඉකුත් ඉරිදා ඇයගේ මිතුරෙකු විසින් සෝල් නගරයේ Seongsu-dong දිස්ත්‍රික්කයේ පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටි විට සොයා ගන්නා ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිධාරීන් පැවසුවේ මරණය පිළිබඳ කිසිදු සලකුණක් හමු නොවූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවයි.

2000 වසරේ සෝල් හි උපත ලද ඇය ළමා රංඟනශිල්පිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 2009 වසරේ A Brand New Life චිත්‍රපටයේ ඇයගේ භූමිකාව සමඟ ප්‍රසිද්ධියට පත් වූවාය.

ඇය 2010 වසරේ දකුණු කොරියාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන The Man from Nowhere සහ 2012 වසරේ නිකුත් වූ ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Neighbour හි ද සිය රඟපෑමෙන් දායක විය.

කිම්ගේ අවසන් රංඟන දායකත්වය Netflix හි 2023 වසරේ නිකුත් වූ Bloodhounds විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?