දකුණු කොරියානු සුරූපිනියකගේ හදිසි අභාවය!

Date:

සටහන – පුලී
පෙබරවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු කොරියානු තරුණ රංඟනශිල්පිනියක් වන Kim Sae-ron සෝල් නුවරදී මියගොස් ඇතැයි එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

24 හැවිරිදි ඇය ඉකුත් ඉරිදා ඇයගේ මිතුරෙකු විසින් සෝල් නගරයේ Seongsu-dong දිස්ත්‍රික්කයේ පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටි විට සොයා ගන්නා ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිධාරීන් පැවසුවේ මරණය පිළිබඳ කිසිදු සලකුණක් හමු නොවූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවයි.

2000 වසරේ සෝල් හි උපත ලද ඇය ළමා රංඟනශිල්පිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 2009 වසරේ A Brand New Life චිත්‍රපටයේ ඇයගේ භූමිකාව සමඟ ප්‍රසිද්ධියට පත් වූවාය.

ඇය 2010 වසරේ දකුණු කොරියාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන The Man from Nowhere සහ 2012 වසරේ නිකුත් වූ ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Neighbour හි ද සිය රඟපෑමෙන් දායක විය.

කිම්ගේ අවසන් රංඟන දායකත්වය Netflix හි 2023 වසරේ නිකුත් වූ Bloodhounds විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...